Monday, 15 May 2017 09:03

සනුක සමාජ සේවකයෙක් වෙලා...

තාරුණ්‍යයේ සිංහ සෙයියාව සනුක වික්‍රමසිංහ කරොත් කරන්නේ රටම කතාවෙන වැඩක්. සරාගයේ උණුසුම ඉවර වෙන්නත් කලින් අපිට මා ඔබේ කුමරා කියලා ආයෙමත් ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම ගියා. මෙන්න ඒ පාර සනුක රසිකයන්ගේ හදවත් විතරක් නෙවෙයි වකුගඩුත් ආරක්ෂා කරන්න හදනවා. කතාව මේකයි. අනුරාධපුරයේ වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලයේ පානීය ජල පවිත්‍රතා පද්ධතිය සවිකරන්න අවශ්‍ය මුදල් සොයා ගන්න වායෝ එක්ක සනුක ප්‍රසංගයක් කරනවා. තැන මහරගම තරුණ සේවා සභාවේ ශ්‍රවනාගරය. දිනය  20017.05.27 .මේ වැඩේට උදව් කරන්න කැමති අය ඉන්නවනම්  0719241573 / 0711688266  අංකයන් අමතලා තවත් තොරතුරු දැනගන්න පුලුවන්.

 

තව කියවන්න