Monday, 01 May 2017 07:30

ශලනි කවුරු ගැනද මේ කියන්නේ...

ශලනි මේ වෙනකොට ජනප්‍රිය කිවිදියක් කියලා කවුරුත් දන්නවා. මේ කියන්න යන්නේ තවත් දෙයක් ගැන. ශලනි "  අපෙ ආදර කතන්දරේ  " කියලා නවකතාවක් ලියන්න පටන් අරගෙන. අරෝශ්, සානුක, හේමක, ශිවන්ත, දහම් කියන තරුණයන්ට ආදරය කරලා ජීවිතේ ආදරය හමුවේ අතරමන් වුන තරුණියක් ගැන තමයි නවකතාව තුලින් කියවෙන්නේ. අපි නිකමට වගේ ශලනිගෙන් ඇහුවා මේ ඔබේ කතාවද කියලා. ශලනි එතකොට හිනාවෙලා මෙහෙම කිව්වා.

 

" ගොඩක් වෙලාවට මම දැකලා තියනවා නිර්මාණයක් කරාම අදාල නිර්මාණකරුවාගෙන් මාධ්‍ය මේ ප්‍රශ්නය අහනවා. මට කියන්න තියෙන්නේ මම දැන් අවුරුදු 26 තරුණියක්. ජීවිතේ ගැන හොද අවබෝධයක් මට තියනවා. මේ මම දැකපු, විදපු, විදවපු, බලාගෙන හිටපු, ඇසුරු කරපු ජීවිත වල වුන සිදුවීම් එකතු කරලා ගොඩ නගපු කතාවක්  "

 ශලනි නවකතාව ආරම්භ කරලා තිබුනේ මෙහෙම. ඔයාලත් කියවලා බලන්න. හරිම රහට ලියලා තියනවා.

 

උපුටා ගැනීමක් ;

 

"එදා මාවද තෝර ගන්නේ කියලා අහද්දි..

අරෝෂ් ඔයා ඔයාගේ නිදහස තෝර ගත්තා..

සනුක ඔයා තෝරගත්තෙත් ඔයාම දාපු සීමාවන් කඩාගත්ත ගැහැණියක්ව..

හේමක ඔයත් අවුරැදු ගානක් එකට ඉදලත් අවසානයේ තෝර ගත්තේ ඔයාගෙම හීන..

එතකොට ශිවන්ත ඔයත් බොරැ බලාපොරොත්තු පොදි ගහලා ඔයාගේ සතුට විතරක්ම තෝරගත්තා..

දහම් ඔයා හිතුවෙවත් නැති මොහොතක ලංවෙලා ආදරේ ගොඩාක් පෙන්නලා අන්තිමේදි ඔයත් තෝර ගත්තේ එයාව...

අවසානයේ ඔයාලා හැමෝම කටින් කොච්චර ආදරේ කිව්වත් කවදාවත් මාව තෝරගත්තේ නෑ..

ඉන්නකන් ඔයාලා කිවිවේ මං අනිත් කොල්ලෝ වගේ නෙමේ කියලා..

ඔයාලා හැමෝම කිව්වේ මට "ඔයා වගේ ආදරය කරන කෙනෙක් හමුවෙලා නෑ" කියලා..

ඒත් ඔයාලා හැමෝම මාව තෝරගත්තේ නෑ..

මං හුගක් ඇඩුවා .. 

තනියම...

ඔයාලා මං ගැන නොහිතා යද්දි..

ඒත් දැන් මට ඕනි..,

මාව තෝරගන්න කෙනෙක්..

මොන ප්‍රශ්නේ ආවත් මාව තනි කරන්නැති ආදරයක්..

එයාව හමුවුනු දවසට පැලෙන්න ආදරේ කරන්න ආදරේ ටිකක් ඉතිරි කරගන්න ඕනි..

ඒ නිසා මං ඔයාලට යන්න නිදහස දෙනවා සදහටම..

මගේ හදවතින්...

යන්න කලින්..,

මං ආසයි අහන්න ප්‍රශ්නයක් පුලුවන්නම් ඉන්න තැනක ඉදලා උත්තර දෙන්න..

 

මොකක්ද ඔයාලගේ වෙනස..?

 

"අපෙ ආදරේ කතන්දරේ" 

ලගදීම....

 

තව කියවන්න