Thursday, 20 April 2017 10:26

උමයංගනා කුණු ගොඩට යටවෙයි..

මීතොටමුල්ල කුණු කන්ද නාය ගියේ තවමත් හොයා ගන්න බැරි වුන මිනිස් ජීවිත ප්‍රමානයක් පොලව යට රඳවගෙන. රටක් විදියට හැමෝම මේ කාරණය සම්බන්ධයෙන් දුක් වුනා. එක එක්කෙනා විවිධ පාර්ශවයන්  වලට චොදනා කරා. මේ අතර උමයංගනා ගෙන් කලාකරුවන් කීපදෙනෙකුටම දුරකතන ඇමතුම් ආවේ, කලාකරුවන් විදියට අපිට මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න පුලුවන් කොහොමද කියලා සාකච්ඡා කරන්න. අවසානයේ ඔවුන් තීරනය කරාලු කසල ප්‍රතිචක්‍රිකරණය පිළිබඳව ජනතාව දැනුවත් කරන වැඩසටහනක් පටන් ගන්න. ඉදිරියේදී මේ පිළිබඳව දැනුවත් පුද්ගලයන් කීපදෙනෙකුත් සම්පත් දායකයන් විදියට සම්බන්ධ කරගන්නවලු. මොනවා වුනත් උමා ඔයා මේ කරන වැඩේ ඉතාමත්ම වටින , ජාතික අවශ්‍යතාවයක් කොටසක් කියලයි අපිට නම් හිතෙන්නේ. ඔහොම යමු.ජය වේවා..

 

 තව කියවන්න