Tuesday, 11 April 2017 09:36

ධනංජයගේ ප්‍රථම ප්‍රේමය කවියෙන් එළියට ..

මේ කතාවට දැනට අවුරුදුම බරගානක් වෙනවා. එතකොට ධනංජය ඉස්කෝලේ යන වයසේ කොලුවා . පන්තියේ තමන්ගෙ මිතුරු සමාජය ඉගෙනීමට වඩා බාහිර වැඩවලට උනන්දු වෙන නිසා පෙම්වතියක් සොයා ගන්න එක ලේසි වැඩක් වෙලා නෑ. කොහොමින් කොහොම හරි දවසක ධනංජයගේ හිත ගිය තරුණිය මුනගැහිලා. එදා ඉපදුන ආදරය පොත් වල අන්තිම පිටුවේ කවි විදියට ලියවුනාලු. තනිකරම මේක ඒකපාර්ශවීය ප්‍රේමයක්. ධනංජය මොනතරම් කවි ලිව්වද කියලා කියනවනම් පොතක් ගහන්න තරමට කවි තියනවලු. ඒ ආදයර නම් හරි ගිහිල්ලා නෑ. ඒ කොහොම වුනත් ප්ලේටෝ කියනවා වගේ ප්‍රේමය ස්පර්ශ කරන සැවොම නිරුත්සහිකව කවියෝ වෙනවා කියලා ධනංජයත් කවියෙක් වෙලා. අනාගතේ දවසක ඒ කවි එකතු කරලා පොතක් ගහන්නත් හිතෙ කොනක පොඩි ආසවක් තියනවා කියලා තමයි ධනංජය කියන්නේ .

 

 තව කියවන්න