Friday, 07 April 2017 23:04

උමයංගනා බාහිර කථිකාචාරියක් වෙලා...

උමයංගනා වික්‍රමසිංහ කියන්නේ කටවත් කරදරයක් නැතුව තමන්ගේ පඩුවේ ඉදිරියට ගමන් කරන අහිංසක චරිතයක්. මේ නිසාම සමහර NEWS අපිට එනකොට ටිකක් ප්‍රමාද වෙනවා. ඒ කොහොම වුණත් තොරතුර ලැබුන සැනින්, එසැනින් අපෙ ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස් යාලුවන්ට අරගෙන එන එක අපේ වගකීම. මෙන්න මේකයි අලුත්ම NEWS  එක. උමයංගනා  NITT එකේ බාහිර කථිකාචාර්යවරියක් විදියට වැඩ කරන්න පටන් අරගෙනලු. ඒ කියන්නේ රූපවාහිනීකරනය පිලිබඳ ජාතික පුහුණු ආයතනයේ ඩිප්ලෝමා ධාරීන්ට ප්‍රවෘර්ති නිවේදනය ගැන උගන්වන්න උමයංගනාත් ඉන්නවාලු. ඇයට මේ පිළිබඳව තියන හැදැරීම මොන වගේද කියලා ඇහුවාම ඇය කිව්වෙ " මම කිසිම දෙයක් හදාරන්නේ නැතුව වදාරන කෙනෙක් නෙවෙයි. මම මුලින්ම කේෂ්ත්‍රයේ  නමක් හදාගත්තේ රූපවාහිනී නිවේදිකාවක් විදියට. මේ NITT  ආයතනයේම මම ඩිප්ලෝමාව හදාරල තියනවා. ඊට අමතරව මම තමයි දෙරණේ පලවෙනි ප්‍රවෘර්ති  නිවෙදිකාව.අදටත් මම ශ්‍රී ටීවී එකෙන් වීදේශ ගත ලාංකිකයන් හමුවට එනවා. මේ වෙනකොට මට අදාල විෂය සම්බන්ධව තියන පළපුරුද්ද , අත්දැකීම් ප්‍රමානය අංකුර නිවේදකයෙකුට හෙට දවසේදී වනස්පතී වෘක්ෂයක් වෙන්න පලවෙනි පියවරට ප්‍රමානවත් කියලා මම විස්වාස කරනවා."

 

 තව කියවන්න