Wednesday, 05 April 2017 14:23

මේනකා මධුවන්ති ලිංග විපර්යාසයෙන් පසුවද මේනකා ගර්දි වුනේ....

තිරයේ දඟකාර රුවැත්තිය, එහෙම නැත්තම් බොලිවුඩයට ලඟම රංගන ශිල්පිනිය තමයි මේනකා මධුවන්ති කියන්නේ. අතිශයින්ම ආකර්ශනීය රූප සොබාවක් හිමි ඇයව අපි ස්ටාර්  ෆ්‍රෙන්ඩ්ස් කතා බහට එකතු කර ගත්තා.මේ එහි පලමු කොටස....

 

(1)  නම මොකදද?

 

ගාර්දි මේනකා.

 

(2) එතකොට කෝ මධුවන්ති කොටස..

 

ඒකත් තියනවා.

 

(3) ඔක්කෝටම කලින් සම්පූර්ණයෙන්ම නම කියලා ඉමුද? 

 

ගාර්දි හේවාවසම් තුඩුවගේ මේනකා මධුවන්ති 

 

(4)මධුවන්ති කියන නම අයින් කරලා ඇයි ගාර්දි  කියන කොටස එකතු කරගතතේ.

 

මට හිතුනා ගාර්දි කියන නම ලස්සනයි කියලා. අනික ඉතින් හැම තැතම මාර්කටිනේ දැන් තියෙන්නේ.

 

(5) ඇයි නිතර පෙන්න නැත්තේ.

 

නිතර දකින කුකුලගේ කරමලෙත් සුදුයි නේ. නෑ ඒක මම විහිලුවට කිව්වේ.  ඇත්තම කතාව කිව්වොත් මම එහෙම දොඩම් ගොඩ බදාගෙන වගේ එන හැම එකම බාර ගන්නේ නෑ.

 

(6) එහෙම වුනාම මේ කේෂ්ත්‍රයේ රැදෙන්න අමාරුයි  නේද? 

 

මම වෘත්තියමය රංගන  ශිල්පිනියක් නෙවෙයි. මේ වෙනකොට මම ව්‍යාපාරිකාවක් විදියට සාර්ථක  ගමනක් යමින් ඉන්නේ. ඊට අමතරව තමයි රංගනයේ යෙදෙන්නේ. 

 

(7) සිනමාව ගැන මොකද හිතන්නේ.

 

මම සිනමාවට ඇවිල්ලා අවුරුදු  පහක් විතර වෙනවා. ජීවිතේ ලස්සනයි, මහරජ අජාසත්ත දැනට තිරගත වුන ඒවා. අනෝරා, කුනාටුවේ මාරක ඉදිරි දිනක රිදී තිරයට ඒවි .

 

(8) මේ අතරින් ඔබ ලිංගික  විපර්යාසයට ලක් වෙන්නේ මොකකදිද? 

 

අනෝරා චිත්‍රපටය තුලදී තමයි එහෙම දෙයක් වුනේ.

 

(9) ඒක මොනවගේ චිත්‍රපටයක්ද?

 

ම්ම්ම්ම්. අනෝරා කියන නර්තන ශිල්පිනිය ලිංගික විපර්යාසයකට ලක්වෙලා  පිරිමියෙක් වෙනවා. හරිම රසවත් කතාවක්. මගේ රංගන ජීවිතේ වඩාත් අභියෝගාත්මකම චරිතය තමයි අනෝරා කියන්නේ. එකවර කන්තා පිරිමි චරිත දෙකම රංගපාන එක පහසු කටයුත්තක් නෙවෙයි. අතිශයින්ම වෙහෙසකර අත්දැකීමක්  වුනත් මම ඒකට හරිම ආදරෙයි.

 

(10) ඇත්තද මේ අධ්‍යක්ෂකවරු නවක නිලියන්ගෙන් ලිංගික අල්ලස් ගන්නවා කියන්නේ.

 

එහෙම බලෙන් කිසිම දෙයක් ගන්න බැනේ. අනික මේ කේෂ්ත්‍රයේ විතරක් නෙවෙයි හැම තැනකම ඔය ප්‍රශ්නෙ තියනවා. අපි හැමදාම අධ්‍යක්ෂකවරුන්ට බැන බැම ඉන්නවා. නිලියෝ හරියට හිටියනම් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ

 

(11)  ඔබෙනුත් එහෙම ලිංගික අල්ලස් ඉල්ලලා තියනවද?

 

ඔව්. ඒත් ගැනු අපිට එන පොට හොද නෑ කියලා තේරෙන කොටම පීල්ල මාරු කරාම හරි. ඉක්මණට ජනප්‍රිය වෙන්න යන කීප දෙනෙක් නිසා තමයි ඔය ප්‍රශ්නෙ වැඩිපුරම වෙන්නේ.

 

(12) ඔබට ලැබෙන්න තියන චරිතයක් එහෙම කෙනෙකුට ලැබෙන්න පුලුවන් නෙද? 

 

ඔව්, අනිවාර්යයෙන්ම . එහෙම දේවල් වෙලත් තියනවා. මේනකා ඒ වගේ දේවල් වලින් වට්ටන්න බෑ . රසිකයන්ට පවා තේරෙනවා සමහර ටෙලි නාට්‍ය වල චරිත පෙල ගැස්ම දිහා බැලුවාම, මොකක් හරි අවුලක්, නොගැලපීමක් තියනවා කියලා. 

 

තව කියවන්න