Thursday, 16 February 2017 13:44

රසික හදවත් දික්විජය කළ ආදරණීය විජය

කලාවේ ඇති සෞන්දර්යාත්මක හැඟීම් මානව සමාජය වෙනුවෙන් අවංකව දායාද කරමින්, මෙරට එතෙක් මෙතෙක් ඉතිහාසය පුරා බිහිවී ඇති සුපිරිම තරුව ලෙස තවමත් පිළිගැනෙන අසහය චරිතය වන්නේ විජය කුමාරතුංග නම් වූ අසාමාන්‍ය තරු ගුණයෙන් බබළන අත්විතීය චරිතයයි. ශ්‍රී ලංකාවේ වැඩිම රසික රසිකාවියන් පිරිසක් ආදරයෙන් වැළඳගන් විජය නාමයයේ ඇති තරු ගුණය අභිබවා යාමට සමත් කිසිවෙක් විජයගෙන් පසුව මෙරට බිහි නොවූයේ විජයගේ තිබූ සුපිරි තරු ගුණය අසම සම වූ නිසා බව නොරහසක්.

කෝවිලගේ ඇන්ටන් විජය කුමාරතුංග නමින් 1945 ඔක්තෝබර් 9 වනදා ශ්‍රී ලංකාවට පෑයූ මේ අද්විතීය සුපිර තරුව තුළ තිබූ මානව හිතවාගී ලක්ෂණ ගොන්න කියා නිම කළ නොහැකි තරම්. අඩි 5 යි අඟල් 11 ක් උස මේ අසාමාන්‍ය පෞර්ෂයයකට හිමිකම් කියන විජය, මෙරට සිනමා වංශකතාව ජනප්‍රිය ස්ථරයක් වෙත ඔසවා තැබූ ප්‍රධානතම චරිතය ලෙසත් හඳුන්වන්න පුළුවන්. මනමාළයෝ සිනමා සිත්තමෙන් ආරම්භ වුන විජයගේ සිනමා ගමන ඉතාමත් දිගු ගමනක් බවට පත් වුනා. හන්තානේ කතාව, රන් ඔන්චිල්ලා, අභිරහස, කේෂර සිංහයෝ, හතරදෙනාම සූරයෝ, මේ දෑස කුමටද, වන රජා, ආදරේ හිතෙනවා දැක්කම, තුෂාරා, සිකුරු ලියා වැනි මෙරට ඉතිහාසයේ අතිශය සාර්ථක සිනමා සිත්තම් රැසකටම විජය රංගනයෙන් දායක වී තිබෙනවා. එපමණක් නොව ආදරණීය හඬ පෞර්ෂයක් ඇති ගායකයෙක් ලෙසත් විජය නාමය සංගීත ලෝකය තුළ තවමත් රැව් දෙනවා.

චන්ද්‍රිකා බන්ඩාරනායක මෙනෙවිය සමඟ යුග දිවියට පිවිසි විජය, දේශපාලනික වශයෙන් ඉතාමත් වැදගත්, තීරණාත්මක සහ මානව හිතවාදී මෙහෙයන් රැසකට දායක වුන සුවිශේෂී චරිතයක්. කලාවෙන් ලද ජනප්‍රියත්වය වඩාත් ඵලදායී සහ සාධාරණ ලෙස ජනතාව උදෙසා යොදාගනිමින් සාර්ථක දේශපාලනයක් කළ හැකි බව පෙන්නුම් කළ, මෙරට බිහිවූ එකම සහ අවසාන දේශපාලඥයා වන්නේද විජය කුමාරතුංග බව පොදු පිළිගැනීමයි. 1988 පෙබරවාරි 16 වන දින අවාසනාවන්ත ලෙස ඝාථනයට ලක් වූ මේ ආදරණීය මානව හිතවාදියා අපට කියා දුන් පාඩම් අදටත් වලංගුයි. විජය ඝාථනය වී අදට වසර 19 ක් සපිරෙන් අවස්ථාවේදී අප කළ යුත්ගේ විජය නාමය විසින් අපට කියාදුන් මානව හිතවාදීත්වය තව තවත් සමාජය පුරා පැතිරවීමයි. වියජ නාමයට දිය හැකි ඉහළම ගෞරවය වන්නේද එයයි.

ලක්මිණ රණසිංහ

 

තව කියවන්න