Monday, 23 January 2017 10:57

ලංකාවේ සෙක්සි කෙල්ලෝ ඕනතරම් ඉන්නවා

ටීනා කියන්නේ ජාත්‍යන්තර මට්ටමේ ඉන්න ලංකාවේ සුපිරි නිරූපණ ශිල්පිනියක්. ඉතාමත් දුර්ලභ සුන්දරත්වයකට උරුමකම් කියන ඇයගේ මුහුණේ ඇති සරාගීත්වය නිසාම සරාගී නිරූපණයන්  වඩාත් හොඳින් නිරූපණය කිරීමට ඇයට සුවිශේෂී හැකියාවක් තිබෙනවා. මේ සරාගී ටීනත් එක්ක අපි සුහද කතාබහක නිරත වුනා. මේ තියෙන්නෙ ඒ කතාබහේ පළවෙනි කොටස.

 

1. සම්පූර්ණ නම -  ටීනා ෂනෙල් ප්‍රනාන්දු

 

2. මේ වගේ සම්මුඛ සාකච්ඡාවලදි ටීනගෙන් අහනවට අකමැති ප්‍රශ්න මොනාද? ඕන ප්‍රශ්නෙකට මම බය නැතුව උත්තර දෙන නිසා ඕන ප්‍රශ්නෙකට මම කැමතියි. ඒත් මම කරන දේවල් මම කරලා තියෙන්නෙ, කාවහරි කොපි කරලද වගේ ප්‍රශ්න අහනවට මම කැමති නෑ.

 

3. වයස - 23

 

4. ආගම - රෝමානු කතෝලික

 

5. පාසල - යහපත් එඪේරාගේ කන්‍යාරමය, කොළඹ 13.

 

6. මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයට එන්න හිතුනෙ ඇයි? මේ ක්ෂේත්‍රය ගැන පොඩි කාලේ ඉඳලම මට ආශාවක් තිබුනා. ඉතිං මගේ පෙනුමත් එක්ක මට හිතුනා මෝස්තර නිරූපණ ක්ෂේත්‍රය මට හොඳට ගැලපෙනවා කියලා.

 

7. මේ ක්ෂේත්‍රයට එන්න ඉන්න තරුණියන්ට ඔබ දෙන උපදෙස මොකද්ද? මෝස්තර නිරූපණ ක්ෂේත්‍රය කියන්නෙ girl කෙනෙක්ට හොඳට ඉදිරියට යන්න පුළුවන් ක්ෂේත්‍රයක්. අවංකව, කැපවීමෙන්, උත්සහයෙන් සහ අනිත් අයත් එක්ක සමගියෙන් වැඩ කළොත් ක්ෂේත්‍රයේ ඉදිරියටම යන්න පුළුවන් කියලා මම කියනවා. 

 

8. ලංකාවේ ලස්සන කෙල්ලො ඉන්නවා. ඒත් සෙක්සි කෙල්ලො අඩුයි. ඇයි ඒ? ලංකාවේ සෙක්සි කෙල්ලො අඩු නෑ. ලංකාවෙ සෙක්සි කෙල්ලො ඕනතරම් ඉන්නවා.

 

9. අනාගතේදි ජීවත් වෙන්න වෙනත් රටවල් 3 ක නගර 3 ක් තෝරගන්න කිව්වොත් තෝරගන්න නගර මොනාද? එංගලන්තයේ ලන්ඩන්, ඇමරිකාවේ නිව්යෝක්, ප්‍රංශයේ පැරිස්

 

10. ලංකාවේ නිළියන් සහ මෝස්තර නිරූපිකාවන් අතරින් සෙක්සිම තුන්දෙනා කවුද? යුරේනි නොෂිකා, නදීශා හේමමාලි, තුලක්ෂි

 

11. ලංකාවේ නළුවන් සහ මෝස්තර නිරූපණ ශිල්පීන් අතරින් කඩවසම්ම තුන්දෙනා කවුද? හේමාල් රණසිංහ, රොෂාන් රණවන, මධුර ප්‍රියදර්ශන පීරිස්

 

12. ඔබේ රූපය නිසා ඔබ ලබපු විශාලතම ජයග්‍රහණ මොනාද ? මගේ රූපය නිසා මාව දේදුන්නයි ආකාසේ ෆිල්ම් එකට තේරුන එක තමයි මම ලබපු ලොකුම ජයග්‍රහණය. මේක තමයි මගේ පළවෙනි ෆිල්ම් එක. මේ ෆිල්ම් එක මාර්තු මාසෙදි වගේ රිලීස් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව තව ෆිල්ම් එකක වැඩ කරනවා. ඒ වගේම මම බියුට් පැජන්ට් 2 ක් දින්නා. මේවා තමයි මගේ ජයග්‍රහණ.

 

13. ජීවිතේ අමතක නොවන සිදුවීම මොකද්ද? කලා ක්ෂේත්‍රයේ සහ මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්න ගොඩක් දක්ෂ ප්‍රවීණ අය සහ නැගීගෙන එන දක්ෂ අයත් එක්ක තරග කරලා දේදුන්නයි ආකාසේ ෆිල්ම් එකට තේරුන එක තමයි මගේ ජීවිතේ අමතක නොවන සිදුවීම.

 

14. ‍ජීවිතේ වැඩියෙන්ම දුක හිතුන දවස මොකද්ද? මගේ පියා මියගිය දවස.

 

15. සරාගී දර්ශන තියන රංගනයක් ඉතා විශිෂ්ටව කරන්න පුළුවන් ලංකාවේ ඉන්න නළුවො තුන්දෙනා සහ නිළියො තුන්දෙනා කවුද? 

 

නළුවො - මධුර, හේමාල් රණසිංහ, ධනුක

නිළියො - නදීශා හේමමාලි, සංගීතා වීරරත්න, සබීතා පෙරේරා

 

16. ටීනා කියන්නෙ කවුද? සරල, හැමෝම එක්ක සතුටෙන් ඉන්න කැමති, හරිම විනෝදකාමී කෙනෙක්.

 

සරාගයේ මියුසික් වීඩියෝ එකේ සරගී දර්ශන රඟපානකොට ටීනට තිබුන ලොකුම අභියෝගය මොකද්ද?, ඕනම කෙනෙක් එක්ක සරාගී දර්ශන රඟපාන්න ටීනා කැමතිද? වගේ ගැඹුරු ප්‍රශ්න කිහිපයක්ම අපි ටීනගෙන් ඇහුවා. මේවට ටීනා දුන්න අභියෝගාත්මක උත්තර මීළඟ කොටසින් බලාපොරොත්තුවන්න.

ලක්මිණ රණසිංහ

තව කියවන්න