Friday, 20 January 2017 16:22

ප්‍රියංකා චොප්රාගේ තැනට ටීනා ෂනෙල් පැමිණේ

ජාත්‍යන්තරයේ ඉහළින්ම ඇති වෙළෙඳ නාමයක් වන ලිවයිස් නාමයේ ප්‍රධාන නිරූපිකාවක් වෙනවයි කියන එක එසේ මෙසේ වැඩක් නෙමෙයි. ඒත් මේ දුර්ලභ වාසනාව අපේ රටේ ඉන්න ඉතාමත් සරාගී තරුණියකට දැන් හිමිවෙලා තියනවා. ඒ වාසනාවන්ත දක්ෂ තරුණිය තමයි වයස 23 ක් වුන ටීනා ෂනෙල් ප්‍රනාන්දු. මේවනවිට ලිවයිස් වෙළෙඳ නාමයේ ආසියානු වෙළෙඳපොළ සඳහා වන ප්‍රධාන නිරූපිකාව ලෙස ඇයව තෝරාගෙන තිබෙනවා. මීට පෙර මෙම ලිවයිස් වෙළෙඳ නාමයේ ආසියානු ප්‍රධාන නිරූපිකාව ලෙස කටයුතු කළේ හොලිවුඩ් නිළි ප්‍රියංකා චෙප්රා. අසමසම සුපිරි නිරූපිකාවක් පමණක් නොව බොලිවුඩ් නිළියක් ද වන ප්‍රියංකා චොප්රා වැනි සුපිරි නිරූපිකාවක් සිටි ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකාවේ ටීනා ෂනෙල්ට හැකිවීම ගැන රටක් වශයෙන් අපිට ආඩම්බර වෙන්න පුළුවන්. ටීනා, ඔබට අපේ උණුසුම් සුබ පැතුම්.

 

තව කියවන්න