Wednesday, 11 January 2017 19:53

කඩවසම්ම තරුණයො තුන්දෙනා තමයි හේමාල්, රොෂාන් සහ අකිල

ඇහැළේපොළ කුමාරිහාමි සහ පත්තිනි සිනමා නිර්මාණත් එක්ක හෙළ සිනමාවට පිවිසි සුරූපී තරුණ රංගන ශිල්පිණියක් තමයි විනු සිරිවර්ධන. සුන්දර රූසපුවකට උරුමකම් කියන ඇයගේ සම්මුඛ සාකච්ඡා මාධ්‍යයෙන් අපිට වැඩිය අහන්න දකින්න ලැබෙන්නෙ නෑ. ඒත් ඇය ස්වකැමැත්තෙන්ම අපිත් එක්ක සුවිශේෂී කතාබහකට එකතු වුනා. ඉතිං ඇයගේ විස්තර පත්තරවල අඩුවෙන් තියෙන්නෙ ඇයි කියලත් අපි ඇහුවා. මේ තියෙන්නෙ විනු එක්ක අපි කරපු සම්මුඛ සාකච්ඡාව.

1. ඔබේ සම්පූර්ණ නම ‍මොකද්ද? විනු උදානි සිරිවර්ධන

 

2. විනු කියන නමේ තේරුම? විශේෂ නුවණ

 

3. විනුගේ නම ගොඩක් අය වැරදියට නේද පාවිච්චි කරන්නෙ? ඔව්, ගොඩක් අය මට කියන්නෙ වීනු කියලා. ඒත් මගේ මේ මුල් අකුර වී නෙ‍මෙයි. හරි අකුර තමයි වි. විනු තමයි හරි නම.

 

4. විනු ගේ පාසල? නුගේගොඩ අනුලා විද්‍යාලය

 

5. වයස? 24 යි 

 

6. විනු දැනටමත් උපාධිධාරිණියක්.. ඒ ගැනත් අපිට කියන්න පුළුවන් ද?

මම ඒ HND උපාධි ලබාගත්තෙ ශ්‍රී ලංක පදනම් ආයතනයෙන්. ජනමාධ්‍ය කළමනාකරණය හා මාධ්‍යවේදය සම්බන්ධයෙන් එක උපාධියක් ලබාගත්තා. අනිත් උපාධිය ලබාගත්තෙ ප්‍රතික්ෂණය සහ පුහුණුකරණය කියන ක්ෂේත්‍රය සම්බන්ධයෙන්.

 

7. විනු හිතන විදිහට ලංකාවේ ඉන්න කඩවසම්ම තරුණයො තුන්දෙනා කවුද? හේමාල් රණසිංහ, රොෂාන් රණවන සහ අකිල ධනුද්දර

 

8. අන්තර්ජාලයේ සෙක්ස් කියන වචනෙ වැඩියෙන්ම හොයලා ලංකාව පිට පිටම කිහිප වතාවක් අංක එකට ආවා. ඔබට මේ ගැන තියෙන්නෙ මොනවගෙ අදහසක්ද? අන්තර්ජාලය අවභාවිත කිරීමක් තමයි මෙතෙන්දි වෙලා තියෙන්නෙ.

 

9. විනු ගැන අපිට පත්තර වල වැඩිය දකින්න නැත්තෙ ඇයි? මම පත්තරවලට සම්මුඛ සාකච්ඡා දෙන එක ගොඩක් අඩු කරලා තියෙන්නෙ.

 

10. ඇයි ඒ? සමහර වෙලාවට මම කියන දේට වඩා ගොඩක් වෙනස් අදහසක් දෙන දේවල් තමයි පත්තරේ යන්නෙ. ඒක ඒ අය ඕනකමින්ම කරන දෙයක් නොවෙන්නත් පුළුවන්. සමහර විට මම දෙන උත්තරේ ඒ අය කෙටි කරලා දානකොට අදහස වෙනස් වෙනවා වෙන්නත් ඇති. ඒ නිසා තමයි මම පත්තරවලට සාකච්ඡා දෙන එක ගොඩක්ම අඩු කළේ.

 

11. එතකොට විනු ගැන විනුගේ රසික රසිකාවියන් දැනගන්නෙ කොහොමද? මම සම්මුඛ සාක්ච්ඡා දෙන එක සීයට සීයක්ම නවත්තලා නෑ. අත්‍යාවශ්‍ය අවස්ථාවකදී මම සම්මුඛ සාකච්ඡා දෙනවා. විශේෂයෙන්ම Starfriends එකට.

 

12. එතකොට රූපවාහිනී සහ ගුවන් විදුලි වැඩසටහන්වලටත් ඔබ සම්මුඛ සාකච්ඡා ලබාදෙන්නෙ නැද්ද ? එහෙම නෑ. රූපවාහිනි සහ ගුවන්විදුලි මාධ්‍යයට මම සාකච්ඡා ලබා දෙනවා. මොකද ඒ මාධ්‍යවලදි මට ඕන දේ මගේ රසික රසිකාවයින් වෙනුවෙන් මගේ වචන වලින්ම කියන්න පුළුවන්. කාටවත් ඒක විකෘති කරන්න බෑ. ඒත් පුවත්පත්වලදි ඒ තත්වය ටිකක් වෙනස් වෙනවා. 

 

13. සම්මුඛ සාකච්ඡාවල විනු බයයිද? කිසිම බයක් නෑ. ඒත් මම සම්මුඛ සාකච්ඡාවක් නොදුන්නත් මගේ නමින් සමහර දේවල් පලවෙනවා. මම කියන දේවල්වලට වඩා වෙනස් දේවල් පත්තරවල ගිය අවස්ථාත් තියනවා. ඒ දේවල් නිසා මට හානියක් වෙනවා. ඒ වගේ මගේ රසික රසිකාවියන් නොමග යාමකුත් සිද්ධ වෙනවා. ඒ නිසා තමයි මම සම්මුඛ සාකච්ඡා දෙන එන අඩු කරලා තියෙනනෙ. එහෙම නැතුව කිසිම බයක් නිසා නෙමෙයි.

 

14. එතකොට ඔබේ රසික රසිකාවියන් ඔබේ අලුත්ම දේවල් ගැන දැනගන්නෙ කොහොමද? Starfriends එක්ක ඉන්න මගේ රසික රසිකාවියන්ට මං ගැන හැම අලුත් දෙයක්ම දැනගන්න පුළුවන්. මම මොකක් හරි අලුත් දෙයක් කළොත් මම ඒක අනිවාර්යෙන්ම Starfriends එකට කියනවා. ඉතිං මගේ රසිකයින් මං ගැන දැනගන්න ඕන හැම දෙයක්ම Starfriends එකෙන් දැනගන්න පුළුවන්. 

 

15. 2012 දි ඔබ ලබපු සුවිශේෂී ජයග්‍රහණය ගැනත් කියමු. 2012 දි තමයි මම ශ්‍රී ලංකාවේ රෑ රැජින බවට පත් වුනේ. පොඩි වයසකින් ඒ වගේ ජයග්‍රහණයක් ලබන්න පුළුවන් වුන එක ගැන මට ගොඩක් සතුටුයි. මට ඒ ජයග්‍රහණය කවදාවත් අමතක වෙන්නෙ නෑ. ඒ ජයග්‍රහණය තමයි කලා ලෝකෙ ඇතලෙ මම මේ යන ගමනට මුලින්ම පාර පෙන්නුවෙ.

 

16. 2017 අවුරුද්දෙ කලාව සම්බන්ධයෙන් ඔබට ඇති ලොකුම ඉලක්කය මොකද්ද? මම රඟපාපු ඇහැළේපොළ කුමාරිහාමි ෆිල්ම් එක 2015 දි ආවා.  ඒ වගේම 2016 දි පත්තිනි ෆිල්ම් එක ආවා. මේ දෙකම විශිෂ්ට අධ්‍යක්ෂවරුන්ගේ විශිෂ්ට සිනමා නිර්මාණ. 2017දිත් මම බලාපොරොත්තු වෙනවා විශිෂ්ට අධ්‍යක්ෂවරයෙක් යටතේ විශිෂ්ට සිනමා නිර්මාණයකට දායක වෙන්න.

 

More Article