Thursday, 29 December 2016 10:41

මැරෙන්න ගිය ධනංජය නැවතත් 99 න් බේරිලා

මීට කලින් ගෙයක් හදන්න ගිහිල්ලා වංචාකරයෙක්ට අහුවෙන්නේ නැතුව ධනංජය බේරුනේ 99 කියලා අපි කිව්වා මතක ඇතිනෙ. මේ ළඟදි දවසක ධනංජයයි, අම්මයි, බිරිඳයි වාහනේ යනකොට මාර්ග නීති උල්ලංඝනය කරගෙන වේගයෙන් ආපු වාහනයක් ධනංජයගේ වාහනේ හැප්පිලා. මේ අනතුරෙනුත් ධනංජය බේරිලා තියෙන්නෙ 99 න්. නැවතත් 99 න් බේරුනත් ධනංජය ගිය වාහ‍නේට අලාභහානි වෙලා තියනවා. වාහනේ හිටපු අයටත් ටිකක් තුවාලයි. ඒ රියදුරා අමාත්‍යංශ ලේකම්වරයෙක්ගේ රියදුරෙක්. වාහනෙත් ඒ අමාත්‍යංශයට අයිති එකක්. අනතුර කරපු වෙලාවෙදි දන්න සෙලල්ම් ඔක්කොම දාලා දුක කියලා පැනලා ගිය මේ වැරදිකාර රියදුරා දැන් ඉන්නෙ හැංගිලා. මොනා වුන්ත ධනංජය ඇතුළු පිරිස මාරක අනතුරකින් ගැලවුන එක නම් ලොකු දෙයක්.

 

තව කියවන්න