Thursday, 29 December 2016 10:25

ඩැඩී ගේ ඊළඟ හිට් එක

මස්සිනා, එස්.එම්.එස්, වරෙං යන්න අපිත් එක්ක වැනි මියුසික් වීඩියෝස් සංගීත ක්ෂේත්‍රයට හඳුන්වා දෙමින් මෙරට නූතන සංගීත රැල්ලට වෙනස්ම හැඩයක් එක් කළ ඩැඩී සංගීත කණ්ඩායමේ මීළඟ හිට් එක 2017 අවුරුද්ද පටන්ගන්නවත් එක්කම එළිදක්වන්න නියමිතයි. ඒ ගීතයෙන් කියවෙන්නේ මොකක් ගැනද කියලා අපි තාම දන්නෙ නෑ. ඒක කෙල්ලෝ ගැනද? කොල්ලො ගැනද? ආදරේ ගැනද? විවාහය ගැනද? සමාජය ගැනද? එහෙමත් නැත්නම් වෙන මොකක් හරි දෙයක් ගැනද කියලා හරියටම දැනගන්න නම් තව ටික දවසක් ඉවසන්නම වෙනවා.

 

තව කියවන්න