Monday, 19 December 2016 11:00

ලිංගිකත්වය ජීවිතේට අත්‍යාවශ්‍යයි

දාංගලේ වැඩි නිළියක් අතර ඉදිරියෙන්ම ඉන්න වත්සලා දියාලගොඩත් එක්ක කරපු සාකච්ඡාවේ පළවෙනි කොටස මීට සති කිහිපයකට කලින් අපි ඔබට ඉදිරිපත් කළා. මේ තියෙන්නෙ ඒ සාකච්ඡාවේ දෙවනි කොටස.

 

1.ලෝකෙ ඉන්න කඩවසම්ම පිරිමි තුන්දෙනා කවුද?

හ්ම්... කඩවසම් අයව දැක්කහම නම් එයා නියමයි කියලා ඒ වෙලාවට හිතෙනවා. ඒත් මම ඒ අයව දිගටම හිතේ තියාගෙන ඉන්නෙ නැති නිසා ඒ අයගේ නම් දැන් මට මතක නෑ අනේ.

 

2. ලංකාවේ ඉන්න සරාගීම කාත්නාවන් දෙන්නා කවුද?

නදීශා හේමමාලි සහ යුරේනි නොෂිකා

 

3.පළමු ප්‍රේමය අමතක කරන්න බෑ කියන කතාව ඇත්තද?

ඒක අමතක වෙන්නෙ නම් නෑ තමයි. ඒත් ඒකෙන් අදහස් වෙන්නෙ නෑ ඒක තාමත් ඕනකමින් මතකයේ තියාගෙන ඉන්නවයි කියන එක. ඔව්, පළමු පෙම තාමත් මතකයි, එච්චරයි.

 

4. ඔබේ දුව, එයාට වඩා අවුරුදු 15 ක් වැඩිමල් කෙනෙක් එක්ක විවාහ වෙන්න තීරණය කළොත්‍. ඔබ ඒ විවාහයට කැමති වෙනවද?

මට නම් ඒකෙ වැරැද්දක් පේන්නෙ නෑ. වඩාත් වැදගත් වෙන්නෙ ආදරය සහ රැකවරණය. වයසින් වැඩි කෙනෙක්ව බැන්දහම කාන්තාවක් බලාපොරොත්තු වෙන ආදරය රැකවරණය අඩු නැතුව ලැබෙනවා කියන එක තමයි මගේ පෞද්ගලික අත්දැකීමත්.

 

5. ලංකාවේ කලා ක්‍ෂේත්‍රයේ තියන නරකම දේවල් මොනාද?

කලා ක්ෂේත්‍රයේ ඉන්න සමහරු කවදාවත් අහලා නැති, දැකලා නැති, නොදන්න දේවල් ගැන දන්නවා වගේ කතා කරන එක සහ වෙලාවක් අවේලාවක් නැතුව වැඩ කරන එක.

 

6. සියදිවි නසාගන්න හිතුන අවස්ථා වත්සලාගේ ජීවිතේ තිබිලා තියනවද?

ඔව්.

 

7. මේ දේවල් ගැන තනි වාඛයයෙන් කියන්න

ආදරය - ආදරයට ආදරෙයි

විවාහය - හිතලා ගන්න ඕන තිරණයක්

ලිංගිකත්වය - ජීවිතේට අත්‍යාවශ්‍යයි

‍facebook - කිසිම වැඩක් නෑ

 

8. මියගිය තුන්දෙනෙක්ට පණ දෙන්න අවස්ථාවක් ලැබුනොත් ඔබ කාටද පණ දෙන්නෙ.

බුදුරජාණන් වහන්සේට, විජය කුමාරතුංගට සහ ඩයනා කුමාරියට

 

9. ඔබේ ජීවිතයේ පෙම්වතුන් කීදෙ‍නෙක් ඉඳලා තියනවද?

දෙන්නෙක් පෙම්වතුන් වෙලා හිටියා. තුන්වෙනි පෙම්වතාව බන්දා.

 

10. මේ අය ගැන තනි වාඛයෙන් කියන්න.

සුමනා ගෝමස් - දක්ෂ රංගන ශිල්පිණියක්

නදීශා හේමමාලි - හොඳ යෙහෙළියක්

බුවනි - මාර ඔළුව කැක්කුමක්

මෛත්‍රීපාල සිරිසේන - හ්ම්.. හොඳයි හොඳයි ඉතිං...

අනර්කලී ආකර්ෂා - සැහැල්ලු චරිතයක්

ගයත්‍රි ඩයස් - හිත හොඳ චරිතයක්

 

11. විනෝද චාරිකා යන්න ලෝකේ ඕනම තැන් 3 ක් තෝරගන්න කිව්වොත් තෝරගන්න තැන් තුන?

ස්විට්සර්ලන්තය, ඇමරිකාවේ කැලි‍ෙෆා්නියා සහ ලංකාවේ කණ්ඩලම හෝටලය.

 

12. ඔබත් එක්ක ලෝකෙ වටේ සවාරියක් යන්න කලා ක්ෂේත්‍රයේ ඉන්න අයගෙන් කාන්තාවන් 3 ක් සහ පිරිමි 3 ක් තෝරගන්න කියලා ඔබට කිව්වොත් තෝරගන්කෙ කාවද ?

මගේ නංගි බුවනි, රිතූ ආකර්ෂා, උදාරි පෙරේරා, ගිරිරාජ් කෞෂල්‍ය, ප්‍රියන්ත සෙනවිරත්න, රොඩ්නි වර්ණකුල.

 

13. වත්සලාගේ නංගි බුවනිගේ තියන, වත්සලාගේ නැති හොඳ ගති 2 ක් කියන්න.

මම විවෘතයි, ඕනම දෙයක් කියලා දානවා. ඒත් බුවනි එහෙම නෑ. මම හිතනවා ඒක හොඳ දෙයක් කියලා. හ්ම්... තව හොඳ දේවල් නම් එයාගේ නෑ අනේ...

 

14. එහෙනම් කියන්න බලන්න ඔයාගේ නංගි බුවනිගේ නරකම ගති 2 මොකද්ද කියලා.

කම්මැලිකමයි තරහා යන එකයි තමයි.

 

15. සිපගැනීමේ දර්ශන තියන ඉහළ කලාත්මක නිර්මාණයක ඔබ රඟපාන්න කැමතිද?

නෑ.

 

16. උසස් මට්ටමේ කලා නිර්මාණයක නිරුවත් දර්ශනයක් සාර්ථකව ඉදිරිපත් කළ හැකි යැයි ඔබට විශ්වාස කළ හැකි ලංකාවේ නිළිය කවුද?

එහෙම කරන්න පුළුවන් අය ඕනතරම් ඉන්නවා. ඒත් මට ඒ අයගේ නම් කියන්න බෑ.

 

17. නදීශා හේමමාලි, සංගීතා වීරරත්න, සබීතා පෙරේරා, යශෝධා විමලධර්ම, ගයත්‍රි ඩයස් කියන අය සහ කමල් අද්දරාරච්චි, ශිහාන් මිහිරංග, කුමා සංගක්කාර, ජෑන්ත චන්ද්‍රසිරි, චන්න පෙරේරා කියන අය යුගල වශයෙන් සම්බන්ධ කරලා, සාර්ථක සිහින විවාහ යුවලවල් හදන්න කිව්වොත් ඔබ ඒ අයව ගලපන්නෙ කොහොමද?

සංගීතා සහ කමල්, ගයත්‍රි සහ චන්න, නදීශා සහ කුමා සංගක්කාර, සබීතා සහ ශිහාන් මිහිරංග. දැන් එතකොට ඉතුරු වෙන්නෙ යශෝධා අක්කයි ජෑන්ත චන්ද්‍රසිරියි නේද... හ්ම්.. ඒ දෙන්නත් හොඳයි.

 

18. බුදුරජාණන් වහන්සේව මුණගැහුනොත් ඒ උත්තමයාගෙන් අහලා දැනගන්න කැමතිම දේ මොකද්ද?

ජීවිතේ කියන්නෙ මොකද්ද කියලා අහනවා. මොකද මට තාමත් ජීවිතේ කියන්නෙ මොකද්ද කියලා තේරෙන්නෙ නෑ.

 

-ලක්මිණ රණසිංහ-

 

තව කියවන්න