GossipsHollywood & Bollywood
Trending

කාජල්ගේ සුපිරි රංඟනය රැගත් හෙලිකොප්ටර් ඊලා ජයග්‍රාහී ගමනක.Exclusive Photos & Videos

Kajol's New Movie




Kajol’s New Movie Exclusive from Starfiends.lk

Kajil Devgon

මේ දවස්වල ලොව පුරා තිරගත කෙරෙන අති සාර්ථක බොලිවුඩ් සිනමා පටයක් ලෙස හෙලිකොප්ටර් ඊලා (Helicopter Eela) හඳුන්වා දෙන්න පුළුවන්.

කාජල්ගේ සුපිරි රංඟනයෙන් හැඩවුණ හෙලිකොප්ටර් ඊලා විචාරක ප්‍රසාදය ද දිනා ගනිමින් අති සාර්ථකව තිරගත වන බව අපිට දැනගන්න ලැබුණා.

හෙලිකොප්ටර් ඊලා කියන්නේ ඔබ නිතර දකින සිනමා නිර්මාණයකට වඩා වෙනස් එකක්. එහි රූප රාමු, ගීත වගේම කතා තේමාවත් වෙනස්. අනෙක් අතට කාජල්ගේ රංඟනය සුවිශේෂී නිසා මේ චිත්‍රපටය වැඩි ආකර්ශනයක් දිනාගෙන තිබෙනවා.

Helicopter Eela Movie

හෙලිකොප්ටර් ඊලා අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රදීප් සර්කාර් (Pradeep Sarkar). රිද්දි සෙන් (Riddhi Sen), ටොටා රෝයි (Tota Roy ), චෝද්රි (Chowdhury),නේහා දුහියා (Neha Dhupia) මෙහි කාජල්ට අමතරව ප්‍රධාන චරිත නිරූපණය කරනවා.

ඊලා කියන්නේ, සම්ප්‍රදායික මිත්‍යා විශ්වාසයක් නිසා ස්වාමිපුරුෂයා හැර ගිය පසු දරුවා සමඟ තනිවන ගැහැනියක්. ඊලාගේ චරිතයට ජීවය දෙන්නේ කාජල්. ඊලා තම එකම දරුවා වූ විවාන්ට දැඩි සේ ආදරය කරනවා.

Kajol Devgon

ඊලා ගීත ගායනයට දක්ෂයි. ඒත් ඇයට ඉදිරියට එන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. අහම්බෙන් ඊලා ගායනා කරපු ගීතයක් නිසා ඇය නොසිතූ ජනප්‍රියත්වයක් අත්පත් කරගන්නවා. මහේෂ් භාත් කියන අධ්‍යක්ෂකවරයා ඒ ගීතයට මියුසික් වීඩියෝවක් කරන්න පවා ඉදිරිපත් වෙනවා. ඔය අතරේදී ඊලා සහ මහේෂ් අතර ඇතිවන ප්‍රේම සම්බන්ධය නිසා ඊලා ගැබ් ගන්නවා. රූප රචනය පවා නිම කරගන්න බැරිව යනවා. මේ පවුලට කණ කොකා අඬන්නේ මහේෂ්ගේ මිත්‍යා විශ්වාසයක් නිසා. ඔහු තමන්ගේ පවුලේ පිරිමින් අඩු වයසින් මියයෑම ගැන මානසික අවුලකින් පෙලෙනවා. මේ හේතුව නිසාම අවසානයේ ඊලා දරුවා සමඟ තනි වෙනවා. ඇය දරුවා සමග ගෙවන හුදෙකලා ජීවිතය ඉතාම හැඟුම්බරයි.

Kajol Devgon

එක් අවස්ථාවක ඊලා තම දරුවාගේ පෙරපාසලටම ඇතුලත් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊලාගේ ස්වාමිපුරුෂයාට මොකද වුණේ? ඊලා පෙරපාසල් යන්නේ ඇයි? මේ කුතුහලය එක්ක හෙලිකොප්ටර් ඊලා නරඹන්න කියලා අපි ඔයාලටත් ආරාධනා කරනවා.

Kajol’s New Movie Exclusive from Starfiends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close