GossipsHollywood & Bollywood
Trending

චන්ද්‍රන් රත්නම් ජැකලින්ට පොකට් මනී විතරක් කෝටියක් දීලා.

Jacqueline fernandez




Here’s How Much Jacqueline Got Paid For “According to Mathew” Movie Exclusive from Starfiends.lk

ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම්ගේ(Chandran Rutnam) According to Mathew චිත්‍රපටය මේ වන විට ඔස්කාර් සිනෙමා සම්මාන උලළෙහි ප්‍රධාන තරඟ අංශය නියෝජනය කිරීමට සමත් වූ ඉංග්‍රීසි භාෂිත පළමු ලාංකීය සිනමා නිර්මාණය ලෙසින් ඉතිහාසගතව අවසන්. මීට ඉහතදීත් ඔහුගේ අලිමංකඩ නැමැති සිනමා කෘතිය ඔස්කාර්හි ඒක් ඛාණ්ඩයක් නියෝජනයට සුදුසුකම් ලබා තිබුණා. මෙරට බිහි වූ ජාත්‍යන්තර තලයේ සම්මානනීය සිනමා අධ්‍යක්ෂවරයා වන චන්ද්‍රන් රත්නම්ගේ නවතම සිනමා පටය වන්නේ According to Mathew. මෙම සිනමාපටයෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ එය සත්‍ය කතාවක් පදනම් කරගෙන නිර්මාණය වී තිබීම. ඊට අදාල මැතිව් පීරිස් නඩු තීන්දුව මෙරට අධිකරණය විසින් ලබා දුන් ආන්දෝලනාත්මක නඩු තීන්දුවක් වුණා. According to Mathew සිනමා නිර්මාණය වැඩි ප්‍රෙක්ශක ආකර්ශනයක් දිනාගන්නට හේතු වූ අනෙක් කාරණය වුණේ ඒහි ප්‍රධාන චරිතය නිරූපනය සඳහා බොලිවුඩයේ ස්‍රපිරි නිළි ජැකලින් ෆර්ඩිනෑන්ඩස් (Jacqueline fernandez) සහභාගී වීම. ජැකොලින් මීට පෙර කිසිදු ශ්‍රී ලාංකීය සිනමා කෘතියකට සම්බන්ධ වී සිටියේ නැහැ. ඇය දැවන්ත බොලිවුඩ් සිනමාවේ වර්තමාන සුපිරි තාරකාවක් නිසා ලාංකීය සිනමාපටයකට ඇගේ දායකත්වය ලබා දීම අගය කරන්න ඕනේ. ඒ වගේම එහි ගෞරවය අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම් මහතාට හිමිවෙන්න ඕනේ.

Jacqueline fernandez

ජැකොලින් නියෝජනය කරන්නේ කෝටි 40-50 වියදම් කරලා නිෂ්පාදනය වන දැවැන්ත බොලිවුඩ් සිනමා කර්මාන්තය. අපවැනි රටක නිර්මාණකරුවෙක් ඒ වැනි number one නිළියකගේ වටිනාකම ගෙවන්නේ කොහොමද? ඒ ගෙවපු මුදල කීයක් ද? ඇය ගෙවීම් සම්බන්ධයෙන් සෑහීමකට පත් වුණා ද? ඒ නිසා මේ ආදී ප්‍රශන වැලක් ඔයාලා අප ඉදිරියේ තියෙනවා. අනෙක් අතට මෙහි ජැකලින් අඩ නිරුවත් වන දර්ශනයකුත් තියෙනවා. ඒ වැනි දෙයකට ඇයගේ අවසරය ලැබුණාද? According to Mathew අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම් මහතා ඒ සියල්ලට ඉතාම පැහැදිලිව පිළිතුරු ලබා දෙනවා.

මුලින්ම චන්ද්‍රන් රත්නම් ජැකලින්ගේ Agent එක්ක ඇයගේ ගෙවීම් සම්බන්ධයෙන් කතාබහ කරනවා. නමුත් එහිදී සඳහන් වූ මුදල ඇයට ලබා දීමේ කිසිදු හැකියාවක් නැතිබව චන්ද්‍රන් රත්නම්ට වැටහෙනවා. නමුත් එතුමන් ජැකලින්ගේ වටිනාකම සම්බන්ධයෙන් හෙට්ටු කරන්න යන්නේ නැහැ. ඔහු ඒ තරමට වටිනා නිළියක් බව චන්ද්‍රන් රත්නම් පිළිගන්නවා. නමුත් මුදල් සම්බන්ධයෙන් ඇයගේ හැසිරීම විස්තර කරන අධ්‍යක්ෂක තුමා ඇය ඉතාම හොඳ කෙනෙක් බව පවසනවා. මුදල් සම්බන්ධයෙන් අපේ අයට තිබුණ ගැටලුව දැනගත්තාට පසුව ජැකලින් ඇයගේ සාමාන්‍ය වටිනාකම අපෙන් අය නොකර සිටින්න වගබලා ගන්නවා.

සාමාන්‍යයෙන් ජැකලින් දර්ශන තලයට එන්නේ ඇයගේ කණ්ඩායමකුත් එක්ක. මේ සියලු දෙනාම වෙනුවෙන් වැය කරන්න සිදුවන මුදල අපිට දරාගන්න අපහසුයි. චන්ද්‍රන් රත්නම් ඇයට මුලින්ම රුපියල් කෝටියක මුදලක් ලබා දෙනවා. ඒ පොකට් මනී විදියට. ඊට අමතරව වරින් වර ඇයට ලබා දුන් මුදල් ද සමඟ ඇය වෙනුවෙන් නිෂ්පාදක කණ්ඩායමට රුපියල් කෝටි දෙකහමාරක පමණ වියදමක් දරන්න සිදු වෙනවා. දවස් 25ක් පමණ ජැකලින් According to Mathew කණ්ඩායම සමඟ රූගතකිරීම්වල නියැලෙනවා. ඇය ඉතාම වෘත්තීය මට්ටමේ නිළියක් බව චන්ද්‍රන් රත්නම් පවසනවා.

Jacqueline fernandez
Jacqueline fernandez
Jacqueline fernandez
Jacqueline fernandez
Jacqueline fernandez
Jacqueline fernandez
Jacqueline fernandez
Jacqueline fernandez

Here’s How Much Jacqueline Got Paid For “According to Mathew” Movie Exclusive from Starfiends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close