Daily News
Trending

“Daddy බෑන්ඩ් එකෙන් මාව එලෙව්වා…” සුනිල් පෙරේරගේ ලොකු පුතාගෙන් ආන්දෝලනාත්මක හෙලිදරව්වක්




ජිප්සීස් සුනිල් කියන්නෙ ලංකාවෙ දැනට සිටින බ්රෑන්ඩ්ඩඩ්ම වොයිස් එකේ හිමිකරුවා කිව්වත් නිවැරදියි. ඔහුගේ එක පුතෙක් ගැන නම් අපි දන්නවා. ඒ ගයාන් හෙවත් ඩැඩී. මේ කියන්න යන්නෙ ඩැඩීගේ අයියා ගැන. එහෙම නැත්නම් සුනිල්ගෙ ලොකු පුතා ගැන. අර තරම් ජනප්‍රිය තාත්තා කෙනෙක් හිටියත් සජිත් පෙරේරා කියන්නෙ කාගේ කවුද කියලා ඒ හැටි ජනප්‍රිය නැහැ. සජිත් තමයි සුනිල්ගේ ලොකු පුතා. ඔහුත් ගයාන් වගේම පියාගේ අඩිපාරෙ යන පුතෙක්. හැබැයි ඒක දන්නෙ හරිම සුළු පිරිසක් විතරයි. සජිත් මේ වෙද්දි ගීත කීපයක්ම එලිදක්වලා තියෙනවා. මේ ළඟදිත් ‘හදවත’ කියලා මියුසික් වීඩියෝවක් එලිදැක් වූවා. හැබැයි ඒවා ඒ තරම් ප්‍රසිද්ද වුණේ නැහැ. මේ ගීත වලට මාධ්යවලින් ප්‍රචාරය ලැබිලත් නැහැ. තාත්තගේ පානෙන් එලිය බලලා වැඩක් නැහැ. තමන්ගේ ආත්ම ශක්තියෙන් නැඟිටින්න ඕනෙ. එහෙමයි සජිත් හිතන්නෙ. සජිත් ඉස්සරම ඩැඩීලගේ බෑන්ඩ් එකේ හිටියා. “Second Generation” කියලා තමයි ඒ දවස්වල ඒ බෑන්ඩ් එක නම් කළේ. දවසක් එයාලට ඉන්දියාවට ටුවර් එකක් ලැබිලා. ඒත් ඒ ටුවර් එකට “ඩැඩී” කියන නමින් තමයි සෙකන්ඩ් ජෙනරේෂන් බෑන්ඩ් එක සහභාගී වෙලා තියෙන්නෙ. ඒ වැඩේට ගයාන් එකතු වුණාට පස්සෙ සජිත්ව එලෙව්වා වගේ දෙයක් ලු වුණේ. සජිත් එතකොට යාළුවෙලා හිටපු කාලෙලු. ඉතිං ප්රැක්ටිස් එහෙම යන්නෙ නෑලු. කම්මැලි කමට ඉන්නවලු. ඉතිං බෑන්ඩ් එකේ කොල්ලො ටික කෙලින්ම කිව්වලු අයියෙ උඹ එන්න එපා කියලා. කොහොම හරි දැන් සජිත් Ninty Nine කියන සංගීත කණ්ඩායමට නායකත්වය දෙනවා. ඒ වගේම සජිත් ගීත රචකයෙක්. ඒ ලියවෙන ගීත හුඟක් සුනිල් පෙරේරාගෙ ගීත වගේමයි. ඉතිං සංගීත කණ්ඩායම හරහා ගීත කිහිපයක් ජනප්‍රිය කරගන්න සජිත් ට ආසාවක් තියෙනවා. මේ කිසිම දේකට තාත්තගෙ ජනප්‍රියතාව ගාවගන්න නම් සජිත්ට අදහසක් නැහැ.

Tags
Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close