Daily News
Trending

ආදරය වේදනාවක්, වෙලාවකට කරුමයක්.- චමීර ලියනගේ

Chameera Liyanage




Chameera Liyanage Life Exclusive from Starfiends.lk

Chameera Liyanage

ආදරය වෙනුවෙන් කරන්න පුළුවන් නරකම දේත් කරපු රමේෂ් ඒ ආදරයේ නාමයෙන්ම සිපිරිගෙටත් යනවා. ආදර උගුලේ හිරවුණ චරිත අතර ගැටගැහුණ වෙස් ටෙලි නාට්‍යය මේ දිනවල අතිශය ජනප්‍රියයි. රමේෂ් කියන ප්‍රධාන චරිතයට ජීවය දෙන්නේ චමීර. ඔහුට ආදරය සම්බන්ධයෙන් තියෙන්නේ තරමක් වෙනස් අදහසක්.

” ආදරය කියන්නේ වේදනාවක්. ඒ වගේම ආදරය වෙලාවකට මහ කරුමයක් “

චමීර ආදරයට දෙන්නේ ඒ වගේ නිර්වචනයක්.

තවමත් චමීරගේ ජීවිතයේ පෙම්වතියකට ඉඩ ඉතිරිවෙලා තියෙනවා. ඒත් චමීර නම් කියන්නේ ඔහු යන ගමනට පෙම්වතියක් හිටියොත් ඒක බාධාවක් කියලා. මොකද පෙම්වතියන් නිතරම නීති දානවා. හොයලා බලනවා. මේ දේවල් එක්ක වැඩ කරද්දී ගතේ නිදහසයි හිතේ නිදහසයි දෙකම නැතිවෙලා යනවා. අන්න ඒ නිසා චමීර පෙම්වතියක් ජීවිතයට ළං කරගන්න කැමති නැහැ.

මේ දිනවල විකාශය වන දැවැන්ත ටෙලි නාට්‍යයක් වන රාවණා (Rawana) නාට්‍යයේත් චමීර ප්‍රධාන චරිතයක් නිරූපණය කරනවා. ඇත්තටම දැන් ඔහු රංඟන ශිල්පියකු ලෙස සෑහෙන ජනප්‍රියයි. ඒත් චමීර ලයිව් ප්‍රෝග්‍රෑම්ස්වල (Live Programmers) වැඩිය පේන්න නැහැ.

ඒ ඇයි දන්නවද? චමීරට සින්දු කියන්න බැහැලු. ඉතින් ඔය ලයිව් වැඩසටහන්වල සින්දු කියන්න කියනවනේ. අන්න ඒ නිසා චමීර ලයිව් වැඩසටහන් මඟහරිනවාලු

චමීර සම්මානවලටත් කැමති කෙනෙක්. සම්මානයක් කියන්නේ උත්තේජනයක්ලු. ඉතින් සම්මානයක් ගන්න එක චමීරගේ ටාගට් එකක්. ඒ වගේම හොඳ නිර්මාණයක් එක්ක සිනමාවට එන එකත් ඔහුගේ සිහිනයක්. ඒ සිහින සියල්ල යථාර්ථයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

Chameera Liyanage
Chameera Liyanage
Chameera Liyanage

Chameera Liyanage Life Exclusive from Starfiends.lk

Tags
Show More

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close