GossipsHollywood & Bollywood
Trending

බොලිවුඩ් නිළියන්ගේ මංගල සූත්‍රයේ ඇත්ත වටිනාකම හෙලිවෙයි.

Bollywood Actress Mangalsutra Price




Bollywood Actress Mangalsutra Price Exclusive from Starfiends.lk

මේ දවස්වල බොලිවුඩ් කියන්නේ මඟුල් සක්වලක්. බොලිවුඩ් සුපිරි තාරකාවන් දෙදෙනකුගේම විවාහය පසුගිය සති දෙක ඇතුළත සිදු වුණා. ඉතින් මේ විවාහ මංගල්‍ය දෙකටම පුදුමාකාර ආකර්ශනයක් ලැබිලා තිබුණා. දීපිකා රන්වීර් විවාහය ගැන කියනවා නම් රන්වීර් එදා දීපිකාට අධික මිලැති මංඟල තැල්ලක් පළඳවා තියෙනවා. වටිනාකම තියෙන්නේ මංඟල තැල්ලේ නෙමෙයි. එකිනෙකා අතර ඇතිවන විශ්වාසයේ. ඒ ගැනත් සිහිපත් කරන ගමන්ම ඔයාලට බොලිවුඩ් තාරකාවන් පැළඳ සිටින මංඟල තැල්ලේ වටිනාකම් ගැන හෙළි කරන්නයි අපි මේ හදන්නේ.

දීපිකා පදුකෝන් (Deepika Padukone)

දීපිකාගේ විවාහයේ උණුසුම තවමත් එහෙම්මමයි. ඇය විවාහ වෙන්නේ රන්වීර් සිං (Ranveer singh) එක්ක. රන්වීර් දීපිකාට පළඳවන මංඟල තැල්ලේ වටිනාකම ඉන්දීය රුපියල් ලක්ෂ 75ක් ලු.

මධුරි ඩික්සිත් ( Maduri Dixit)

මධුරි කියන්නේ අනූව දශකයේ බොලිවුඩ් සිනමාවට පායපු සුපිරි තාරකාවක්. ඇය අදටත් ඉතාම ජනප්‍රියයි. මධුරි විවාහ වන්නේ ඇමරිකානු විශේෂඥ වෛද්‍ය වරයකු වන රාම් ශ්‍රී එක්ක. ඔහු මධුරිට පැළඳවූ මංඟල තැල්ල ඉන්දීය රුපියල් ලක්ෂ 8ක් ලු.

කරීෂ්මා කපූර් (Karishma Kapoor)

කරීෂ්මා ඉස්සෙල්ලාම විවාහ වන්නේ ව්‍යාපාරිකයෙක් එක්ක. ඒ විවාහයට පස්සේ කරීෂ්මා විවාහ වන්නේ සංජය කපූර් එක්ක. සංජය කරීෂ්මාට පළඳවන්නේ ඉන්දීය රුපියල් ලක්ෂ 10ක් වටිනා මංඟල තැල්ලක්. කරීෂ්මාගේ නංගී කරීනා කපූර් කියලත් ඔයාලා දන්නවානේ.

Karishma Kapoor

ශිල්පා ශෙට්ටි (Shipa Shetti)

ශිල්පා විවාහ වන්නේ රාජ් කුන්ද්‍රා කියන ව්‍යාපාරික තරුණයා එක්ක. ඔහු ෂිල්පාට ඉන්දීය රුපියල් ලක්ෂ 10ක මංඟල තැල්ලක් පළඳවනවාලු.

Shipa Shetti With Husband

කාජල් (Kajol)

කාජල් කියන්නේ විවාහ ජීවිතය සාර්ථක කරගත් අති දක්ෂ නිළියක්. ඇයව විවාහ කරගන්නේ දක්ෂ නළුවකු වන අජේ දේව්ගන් (Ajay Devgon). අජේ කාජල්ට පළඳවපු මංඟල තැල්ල ඉදීය රුපියල් ලක්ෂ 15ක් වටිනවාලු.

අනුෂ්කා ශර්මා (Anushka Sharma)

අනුෂ්කා – විරාට් කෝලි (Virat Koli) වෙඩින් එක කියන්නෙත් බොලිවුඩ්වල විශාල ආකර්ශනයක් දිනා ගත්ත වෙඩින් එකක. විරාට් සුපිරි ක්‍රිකට් තරුවක් වෙද්දී අනුෂ්කා සුපිරි නිළියක්. මේ නිසා මේ දෙන්නගේ විවාහයට විශාල රසික ආකර්ශනයක් ලැබුණා. ඉතින් කෝලි අනුශ්කාට පළඳවපු මංඟල තැල්ල ඉන්දීය රුපියල් ලක්ෂ 52ක් වුණා ලු.

 

Bollywood Actress Mangalsutra Price Exclusive from Starfiends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close