GossipsHollywood & Bollywood
Trending

අර්ජුන් කපූර් අක්කා කෙනෙක් එක්ක එක වහලක් යටට වෙයි? Exclusive Photos

Arjun Kapoor's Girlfriend




Arjun Kapoor’s and Malaika Arora Exclusive from Starfiends.lk

Arjun Kapoor

අර්ජුන් කපූර් (Arjun Kapoor) කියන්නේ බොනී කපූර් (Boney Kapoor) සහ මොනා කපූර්ගේ (Mona Kapoor) පුතා. අර්ජුන්ට දැන් වයස අවුරුදු 33ක්. හැබැයි අර්ජුන් තවමත් විවාහ වෙලා නම් නැහැ. ඒ වගේම ඔහුට මෑතකදී පෙම්වතියක් හිටියෙත් නැහැ.

ඒ වුණාට අර්ජුන් කපූර් සම්බන්ධයෙන් කටකතා පැතිරෙන්න පටන් අරගෙන දැන් ටික දවසක් වෙනවා.. මලයිකා ආරෝරා (Malaika Arora) සහ අර්ජුන් සම්බන්ධයෙන් මේ විදියට හැදිච්ච කටකතාවලට විශ්වාසයක් ඇති කරන්න කටයුතු කළෙත් ඒ දෙන්නාමයි. මොකද අර්ජුන් සහ මලයිකා බොහෝ අවස්ථාවල එකට ගමන් බිමන් යන බව ඉන්දීය පැපරාසින්ට අහුවෙලා තිබුණා. මේ නිසා අර්ජුන් සහ මලයිකා අතර සම්බන්ධයේ අමුතුවෙන් හංගන්න දෙයක් නැති බව නම් කියන්න ඕනේ.

Malaika Arora

කටකතා ඇත්තක් බවට පත් කරමින් අර්ජුන් සහ මලයිකා ලෝකන්ද්වාලා නිවාස සංකීර්යෙන් නිවසක් මිලදීගෙන තියෙනවා. මේ නිවස මිලදී ගන්න අර්ජුන් සහ මලයිකා යන දෙදෙනාම මුදල් වියදම් කරලත් තියෙනවා. නිවසේ ඇතුළත අලංකාර කටයුතු සඳහාත් දෙන්නාගේම සහයෝගයෙන් තමයි වියදම් කරලා තියෙන්නේ. ඉතින් ආරංචිය පැතිරෙන්නේ අර්ජුන් සහ මලයිකා එකට ජීවත් වෙන්න සූදානම් වෙනවා කියලයි.

මලයිකා අරෝරා කියන්නේ නිළියක්, නිරූපිකාවක් වගේම රූපවාහිනී නිවේදිකාවක්. ඇයට දැන් වයස අවුරුදු 45ක්. 1998 දී සල්මන් ඛාන්ගේ (Salman Khan) සොහොයුරා වන අර්බාස් ඛාන් (Arbaaz Khan) සමඟ විවාහ වුණ මලයිකා 2017 දී ඔහුගෙන් දික්කසාද වෙනවා. ඒ වන විට ඇයට අර්හාන් නමින් පුතෙක් හිටියා. පුතාගේ අයිතිය හිමි වුණේත් මලයිකාට. දැන් අර්හාන්ට වයස 16ක්. අර්බාස් විටින් විට ඇවිත් අර්හාන්ගේ සුවදුක් විමසා බලන බවත් ආරංචියි.

කොහොම වුණත් අර්ජුන් කපූර් සහ මලයිකා අතර ප්‍රේම සම්බන්ධයක් ඇති බවට අර්ජුන් කපූර් ඉන්දීය මාධ්‍යයකට ද ඉඟියක් සපයා තිබුණා.

Malaika Arora
Malaika Arora
Malaika Arora
Malaika Arora
Arjun Kapoor
Arjun Kapoor & Malaika Arora
Arjun Kapoor

Arjun Kapoor’s and Malaika Arora Exclusive from Starfiends.lk

 

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close