Daily News
Trending

නිරෝෂා තලගල මහත්තයට හොරෙන් කොණ්ඩේ කැපුවා කියලා දෙන්න යන දඬුවම.




නිරෝෂා තලගල කියන්නේ අපිට සිටින දක්ෂ රංඟන ශිල්පිනියක්. ඇයට විවිධ පරාසවල රංඟ ධාරිතාවක් තියෙනවා.

නිරෝෂා ළඟදි කොණ්ඩේ කපලා තියෙනවා. ඒත් කොණ්ඩේ කපනවාට නිරෝෂාගෙ හස්බන්ඩ් නම් චුට්ටක්වත් කැමති නෑ. මේ විරෝධය කනකට ගන්නෙ නැතිව නිරෝෂා හස්බන්ඩ් ට හොරා කොණ්ඩේ කපනවා. ඒක ඔහුට අහුවෙන්නෙ නැතිවෙන්නනෙ කරන්නෙ. ඒ නිසා නිරෝෂා ගෙදර ඉන්නවෙලාවටත් හිටියෙ කොණ්ඩේ බැඳගෙන. එතකොට කොණ්ඩේ කැපුවා කියලා හොයන්න බෑලු.

මෙහෙම වසන් කරගෙන හිටියට මොකද රූපවාහිනී ලයිව් වැඩසටහනකට එන්න නිරෝෂා එයාගෙ කොණ්ඩේ හදනවා. එතකොට ඉතිං කොණ්ඩේ දිග පළල හංගනවා බොරු. මේ වැඩසටහන මෙහෙයවන නිවේදකයට ඒ සැනින්ම මැසේජ් එකක් එනවා. මැසේජ් එක එන්නෙ නිරෝෂාගෙ මහත්තයාගෙන්.

හස්බන්ඩ් කියලා තිබුණේ නිරෝෂා කොණ්ඩේ කැපුවා කියලා ඒ වෙනකල් දැනගෙන හිටියෙ නැහැ කියලා. දැන් ඉතිං මොනා කියලා කරන්නද…? ගෙදර ගියාට පස්සෙ නිරෝෂා ඒ ප්‍රශ්නෙ විසඳගන්න ඇති. හැබැයි ඉතිං ඒකත් ලේසි වෙන්නෙ නැතිවෙයි. මොකද දවසක් හස්බන්ඩ් නිරෝෂාව බෙඩ් ෂීට් එකකිනුත් ගැටගහලා තිබුණානෙ. ඒ වීඩියෝවත් ඔන්න එදා ලයිව් පෙන්නුවා.

ඇත්තටම මේ කිව්වෙ විවාහ ජීවිතයේ සුන්දර තැන්. නිරෝෂගෙ විවාහ ජීවිතය ඒ තරම් සුන්දර එකක්. වංචාව වුණත් සුන්දර විදියට කරන හැටි නිරෝෂාගෙන් ඉගනගෙන දඬුවම් දෙන හැටි නිරෝෂාගෙ හස්බන්ඩ් ගෙන් ඉගනගත්තා නම් හරි. එදා වැඩසටහනට ආපු හැමෝම මේ දෙන්නගෙ කෝලම් වලට බඩ අල්ලගෙන හිනා වුණා

Tags
Show More
Close