Daily News
Trending

මම බොහෝ විට විවාහ වෙන්නෙ නැතුව ඉඳියි – ශෂී ඇන්ජලීනා




ඔයාලා දන්නවා නේද ශෂී ඇංජලීනා කියන්නෙ කවුද කියලා. රූප රචනා කලාවට ශෂීව නැතුවම බැරි කාලයක් තිබුණා. මේ වෙද්දි ඇය ගීතමය රූප රචනා 167කට පමණ සහභාගී වෙලා තියෙනවා.

හරි. ඒ විස්තර පසුවට කතා කරමු. අපි මේ කියන්න හදන්නෙ ශෂී ගැන වෙන කතාවක්. මේ කතාව ඇහුවම සමහරවිට ඔයාලට දුකක් දැනෙන්නත් පුළුවන්.

“විවාහය” කියන්නෙ සාමාන්‍යයෙන් තරුණියකට තිබෙන හීනවලින් එකක්නෙ. කලවයස උදාවුණාම, විවාහයට සුදුසු පෙම්වතෙක් මුණගැහුනම මේ කටයුතු සිදුකරගන්න එක තමයි සාමාන්‍ය විදිය.

හැබැයි ශෂීට නම් එහෙම විවාහ වෙන්න වුවමනාවක් නැතිපාටයි. කියන විදියට ශෂීට තවම පෙම්වතෙකුත් නැහැලු. විවාහ වෙන්න අදහසකුත් නැහැලු. ශෂීට ඕනෙ අම්මවයි මල්ලිවයි බලාගෙන පුරුදු විදියට ජීවත් වෙන්නලු.

එහෙම කිව්වට අම්මලට දූලා ගෙවල්වල තියාගෙන ඉන්න බැහැනෙ. ශෂීගේ අම්මත් ඒ නිසා විවාහ යෝජනා ගේනවා. හැබැයි විවාහයට අදහසක් නැති නිසා ශෂී මෑතකදිත් එහෙම ගෙනාපු යෝජනාවක් ප්‍රතික්ෂේප කළාලු.

ශෂීට විවාහය එපා වෙන්න හේතුව මොකක්ද කියන්න අපි හරියට දන්නෙ නැහැ. ඒ වුණත් ශෂී අවස්ථා දෙකකදි ආදරය නිසා සෑහෙන මානසිකව දුක් වින්දලු. දැන් නම් ආයේ මේ කවුරු ආවත් පිළිගන්න හිතෙන්නෙ නැති තරමට ශෂීට තියෙන්නෙ ඒ අය ගැන පිළිකුලක්.

විවාහ වෙන්න මනාලියක් වෙන්න ශෂීටත් හීන තිබුණ කාලයක් තිබිලා තියෙනවා. ඒත් ඒ හැමදේම දැන් වෙනස් වෙලා. මෙහෙම ඉන්නකොට තනිකම පාළුව නොදැනෙනවාමත් නෙමෙයි. ඒත් කාර්‍ය බහුල ජීවිතය නිසා ඒ දේවල් මගහැරෙනවාලු.

ශෂී ආදරය විවාහය සම්බන්ධයෙන් මෙවැනි කතා කිව්වට මොකද ඇයව තේරුම් ගත්ත ආදරණීය පෙම්වතෙකුට ඇගේ හිත වෙනස් කරන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. එහෙම පෙම්වතෙක් නුදුරු දිනෙක ඇයට මුණගැහේවි. ඒක අපේ ප්‍රාර්ථනාවක්.

Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close