GossipsHollywood & Bollywood
Trending

2018 වසරේ සාක්කු පුරවගත්ත බොලිවුඩ් තරු.

10 Highest Earning Indian Icons 2018




10 Highest Earning Indian Icons 2018 Exclusive from Starfriends.lk

ඉන්දියාවේ Forbes India සඟරාව තමයි මේ අපූරු හෙළිදරව්ව කරන්නේ. 2017 ඔක්තෝබර් මාසයේ සිට 2018 සැප්තැම්බර් දක්වා කාලය තුළ ඉන්දියාවේ වැඩිම ආදායම් ඉපැයූ සියදෙනකුගේ නම් ලැයිස්තුවක් මේ අනුව ප්‍රසිද්ධ කර තිබෙනවා. මේ ලැයිස්තුවේ අංක 01 ට ඇවිත් තිබුණේ ජනප්‍රිය බොලිවුඩ් නළු සල්මන් ඛාන්.

01- සල්මන් ඛාන් (Salman Khan)

ඉහත දැක්වූ කාලසීමාව තුළ සල්මන් උපයා ඇති ආදායම ඉන්දියානු රුපියල් කෝටි 253 කි. සල්මන් මේ ආදායම උපයන්නේ චිත්‍රපට නිෂ්පාදනය කිරීමෙන්, චිත්‍රපටවල රඟපෑමෙන්, වැඩසටහන් ඉදිරිපත් කිරීමෙන් සහ වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටීමෙන්. මෙම කාලසීමාව තුළ සල්මන් රඟපෑ චිත්‍රපට කිහිපයක්ම තිරගත කෙරුණ අතර ඉන් බොහොමයක නිෂ්පාදකයා වුණෙත් ඔහුමයි. ඒ වගේම සල්මන්, බිග් බොස් සහ 10 කා ඩුම් (10 ka Dum) වැනි ජනප්‍රිය රියැලිටි තරඟ මෙහෙයවන්නකු ද වනවා. 53 වැනි වියෙහි පසුවන සල්මන් ඛාන් පිට පිට තුන් වතාවක්ම මෙම ලැයිස්තුවේ අංක 01ට පැමිණ තිබීමත් විශේෂත්වයක්. ඔහුගේ දබාංග් 03 සහ භාරත් යන සිනමා නිර්මාණ ඒන වසරේ දී තිරගත වීමට නියමිතයි.

02 – විරාට් කෝලි (Virat Kohli)

ෆෝබ්ස් ඉන්ඩියා සඟරාව හෙළිකරන ලෙස පසුගිය වසරේ වැඩිම ආදායමක් ඉපැයූවුන්ගේ ලේඛනයේ දෙවැනි තැන හිමිවන්නේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාට් කෝලි ට. මෙම වසරේ ඔහුගේ අදායම ඉන්දියානු රුපියල් කෝටි 228ක් ලු. කෝලි ක්‍රිකට් ක්‍රීඩයකු ලෙස හා වෙළෙඳ දැන්වීම්වල පෙනී සිටීමෙන් ලද ආදායම මීට ඇතුළත්ව තිබෙනවා.

03 – ආක්ශේ කුමාර් (Akshay Kumar)

මෙම ලැයිස්තුවේ 03 වැනි තැන හිමිව තිබෙන්නේ ආක්ශේ කුමාර්. ඔහු ඉහත කී කාලය තුළ උපයා ඇති ආදායම ඉන්දියානු රුපියල් කෝටි 185ක්. ආක්ශේ රඟපෑ ටොයිලට් සහ පෑඩ් මෑන් වැනි සිනමාපට ලොව පුරා අතිශය ජනප්‍රිය වුණා.

04 – දීපිකා පදුකෝන් (Deepika Padukone)

බ්ස් ඉන්ඩියා සඟරාව හෙළිකරන මෙම ලේඛනයේ සිව්වැනි තැන හිමිව තිබුණේ කාන්තාවකට වීම විශේෂත්වයක්. ඇය තමයි මෑතක දී විවාහයට පිවිසි දීපිකා පදුකෝන්. මෙම ලැයිස්තුවේ ඉහළින්ම සිටින කාන්තාව වන්නේ ද ඇය. දීපිකා ගේ වසරක ආදායම ඉන්දියානු රුපියල් කෝටි 113ක්. දීපිකා අයගේ සැමියා වූ රන්වීර් සිං ට ද වඩා මුදල් උපයන්නියක වීම ද විශේෂත්වයක්. ඉන්දියානු රුපියල් කෝටි 85ක් ඉපැයූ රන්වීර් සිං ට හිමිව තිබුණේ මෙම ලැයිස්තුවේ 08 වැනි ස්ථානය.

05 – මහේන්ද්‍ර සිං දෝනි (MS Dhoni)

මෙම ලැයිස්තුවේ 05 වැනි ස්ථානය ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ මහේන්ද්‍ර සිං දෝනි දිනා ඇති අතර ඔහුගේ ආදායම රුපියල් කෝටි 102කි.

6 වැනි සහ 7 වැනි ස්ථානයට පිළිවෙලින් අමීර් ඛාන් සහ අමිතාබ් භච්ඡන් පත්ව ඇති අතර අමීර්ගේ ආදායම රුපියල් කෝටි 98කි. අමිතාබ් උපයා තිබුණේ රුපියල් කෝටි 96කි. මෙම ලැයිස්තුවේ 8 වැනි ස්ථානය රන්වීර් සිං ට හිමි වූ අතර 9 වැනි සහ 10 වැනි ස්ථාන හිමිව තිබුණේ සචින් තෙන්ඩුල්කාන් සහ අජේ දේව්ගන්ටය.

10 Highest Earning Indian Icons 2018 Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close