Daily News
Trending

2018 ට බායි කියන්න නළුනිළියන් සැරසෙන හැටි.Exclusive Photos

Sri Lankan Celebrities




Sri Lankan Celebrities Exclusive from Starfiends.lk

එහෙ බලලා මෙහෙ බලද්දී අවුරුද්දකුත් ඉවර වෙන්න ආවා. මේ අවුරුද්ද සමහරුන්ට ජයයි. ඒත් සමහරුන්ට නම් බලාපොරොත්තුවෙන් හිටපු දේවල් කරගන්න ලැබුණේ නෑ. කොහොම වුණත් දුක සතුට හැමදේම එක්ක ගෙවුණ දින 365ට බායි කියලා අලුත් අවුරුද්දකට හායි කියන්න තව වැඩි දවසක් නැහැ. 31ස්ට් නයිට් එක කියන්නේ ලෝකය පුරා බොහෝ රටවල් උත්සවශ්‍රීයෙන් සමරන හෝරා කිහිපයක්. ඉතින් අලුත් අවුරුද්ද පිළිගන්න වගේම ගෙවුණ අවුරුද්දට සමුදෙන්න අපේ නළු නිළියන් එකතුවෙලා මොකද කරන්නේ? ඒ අසිරිමත් මොහොත පුංචි තිරයට උදාවෙන්නේ දෙසැම්බර් 31 වැනිදාට වුණත් ඊට කලින් දෙසැම්බර් 23 වැනිදාට ඔයාලට ඇස්දෙකෙන්ම මේ ආශ්චර්ය දැක බලාගන්න පුළුවන්.
හැම වසරකදීම වගේ මේ අවුරුද්දෙත් ලංකාවේ ඉන්න ප්‍රවීන මෙන්ම ජනප්‍රිය නළු නිළියන් හැමෝම වගේ 2018 වර්ෂයට බායි කියන මංඟල්‍යයට එකතු වෙනවා. ඩයලොග් ආසියාටා (Dialog Axiata) සමාගමේ පූර්ණ අනුග්‍රහය ඇතිව පැවැත්වෙන මේ කර්තව්‍යය දැක බලාගන්න ඕනේ නම් ඔයාලා යන්න ඕනේ BMICH එකට. මේ මහා තරු මංඟල්‍යයෙන් උපයන ආදායම නළු නිළියන් වෙනුවෙන් රක්ෂණාවරණයක් ඇතිකිරීම සඳහා වෙන් වනවා. ඒ වගේම වියපත් ශිල්පීන්ට මාසික දීමනාවක් ලබාදීමටත්, මේ දැවැන්ත කාර්යභාරයට උරදෙන සිනෙස්ටාර් පදනම අදහස් කරගෙන ඉන්නවා.
මේ දවස්වල ඉතින් කලාකරුවන්ට, විශේෂයෙන්ම නළු නිළියන්ට බරටම වැඩ. හැමෝම එකතුවෙලා මේ අපූරු ප්‍රසංගය ලස්සන කරන්න වෙහෙසෙනවා. මාලනී ෆොන්සේකාගේ (Malini Fonseka) සිට සෙනාලි ෆොන්සේකා (Senali Fonseka) දක්වාම අලුත් පරණ ප්‍රවීණ ආධුනික හැමෝම මේ වැඩෙත් එක්ක ඉන්නවා. අපේ නළු නිළියන් පෙර පුහුණුවීම්වල නිරතවන අතරේ ගත්ත වීඩියෝස් වගේම ඡායාරූපත් සමාජ ජාලයට එකතු කරලා තිබුණා. ඒ අතර දිනක්ෂි (Dinakshie) ඉස්ටර්ග්‍රෑම් පළ කරපු කෙටි වීඩියෝව, ඇයව ඔසොවාගෙන වටේට කරකවන එකක්. ගයාන් සහ චතුරිකා එකතුවෙලා නර්තනයක නිරතවන ආකාරයත් අන්තර්ජාලයට එකතු කරලා තිබුණා .
නළු නිළියන් 320කට අධික පිරිසකට මේ තරු මංඟල්‍යයෙන් සහන සලසන්න අපේක්ෂා කරනවා. ඒක නම් ඇත්තටම හොඳ වැඩක්. මොකද අපි දන්නවා පහුගිය කාලේ හරූන් ලන්ත්‍රා, ප්‍රෙඩී සිල්වා, වගේ කලාකරුවන් අන්තිම අසරණ තත්වයේ සිටිමින් මෙලොව හැර ගියපු බව. දැන් මේ තාරකා පෙළහර දවසට සුවහසක් රසික රසිකාවන් ඇස් අයාගෙන බලාගෙන ඉන්නේ මොකටද? එයාලා ආසයි මේ මහා මංඟගල්‍යයේ ලස්සන දකින්න වගේම නළු නිළියන්ගේ ආකර්ශනීය ඕපාදූප ගැනත් දැනකියාගන්න.
මෙහිදී විශේෂයෙන්ම රසික රසිකාවියන් හුඟාක් උනන්දුවෙන් බලා සිටින්නේ යුගල නර්තන සම්බන්ධයෙන්. ඒ අතරින් සාරංග- දිනක්ෂි (Saranga & Dinakhie) යුගල නර්තනයක නිරතවනවා කියලා සුවිශේෂී බලාපොරොත්තුවක් ප්‍රේක්ෂකයන්ගේ හිතේ තියෙනවා. මේපාර ශලනි (Shalani) නටන්නේ කා එක්කද? විනූගේ (Vinu) නර්තනය කොයි වගේ වෙයිද? හේමාල් (Hemal) එදාට එනවද? සංගීතා එක්ක කමල් (Sangeetha & Kamal) නටාවිද? නැත්නම් සබීතා නටාවිද? රොෂාන් පිළපිටිය කෙල්ලෝ ගොඩේ නටනකොට රිද්මාට ජෙලස් හිතෙයිද? ඔන්න ඔය වගේ නානා ප්‍රකාර නළු නිළි ගොසිප්වලටත් එදාට පිළිතුරු ලැබෙනවා. ඒ හැම දෙයක්ම හරිම සුන්දරයි කියලා තමයි අපිට හැඟෙන්නේ. චන්න උපුලි රංඟායතනයෙන් මෙවර තාරකා මංඟල්‍යයට කොයි වගේ ආලෝකයක් ලැබේවිද කියලා අපි බලාගෙන ඉමු. රියැලිටි තරග නිසා අපේ නළු නිළියන් හුඟදෙනෙක්ට දැන් ඉතාම හොඳට නර්තනයේ යෙදෙන්න පුළුවන්. ඒ හැකියාවත් එක්ක මෙවර තාරකා මංඟල්‍යය ජයටම තියේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

මේ වගේ වැඩසටහන් නිසා සමහර වෙලාවට නළු නිළියන් දෙපැත්තකට බෙදෙනවා. කාට කාටත් එකම හැන්දෙන් බෙදුවේ නැතිවුණාම සිත් රිදීම් ඇතිවෙනවා. එහෙම ප්‍රශ්න ඇති නොවී 2018 වර්ෂයට සාමූහිකව මෙන්ම සහයෝගයෙන් සමුදෙන්න අපේ නළු නිළියන්ට හැකියාව ලැබේවි කියලා අපි විශ්වාස කරනවා.

 

Sri Lankan Celebrities Exclusive from Starfiends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close