Hollywood & Bollywood
Trending

ෆේස්බුක්, ට්විටර් ලයික්ස් වැඩියෙන්ම ගත්ත ඡායාරූප.




සමාජජාල මාධ්‍යය ඔස්සේ සිදුවන සන්නිවේදනය ඉතාම වේගවත්. ඒ බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඡායාරූපයක් හෝ පෝස්ට් එකක් පළකිරීම සහ ඒවාට ලැබෙන ප්‍රතිචාර මත සමාජජාල මාධ්‍යවල ගනුදෙනු සිදුවනවා.

ඔයාලා දන්නවාද මෑතක දී ෆේස්බුක් සහ ට්විටර් සමාජ ජාල මාධ්‍යයේ පළවූ ඡායාරූප අතරින් වැඩිම ලයික් ප්‍රමාණයක් දිනාගත්ත ඡායාරූප ද්විත්වයේ හිමිකරුවා කවුද කියලා. ඇත්තටම ඒ හිමිකම ලැබිලා තියෙන්නේ හිටපු ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමාට. ඔහුගේ ඡායාරූප දෙකක් තමයි ෆේස්බුක් සහ ට්විටර් මාධ්‍යයේ වැඩිම ලයික් ප්‍රමාණයක් දිනාගන්නේ.

ඒ අතරින් ෆේස්බුක් ජාලයේ වැඩිම අවදානය දිනා ගෙන තිබෙන්නේ බැරක් ඔබාමා සහ ඔහුගේ බිරිය මිචෙල් ඔබාමා සිප වැළඳගෙන සිටින ඡායාරුපයක්. 2017 නොවැම්බර් 07 වැනිදා ඔබාමා ඇමරිකානු ජනාධිපති ධුරයට පත් වුණා. ඔබාමා සහ මිචෙල් ඉතාම ආදරණීය අඹුසැමියම් බව ලෝකය පුරා ප්‍රචලිත කරුණක්. ඉතින් මේ ඡායාරූපයට මිලියන හතරකට වැඩි ලයික් ප්‍රමාණයක් ලැබී ඇති බව් දැනගන්න ලැබෙනවා.

ට්විටර් මාධ්‍යයේ ලයික් වැඩිපුරම ලබා ගත් ඡායාරූපයත් අයිති බැරක් ඔබාමාටමයි. ඔබාමාට පසු ඇමරිකානු ජනාධිපති ධුරය හිමිවන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ට. ඔහු ජනාධිපති වූ වහා ආන්දෝලනාත්මක ප්‍රකාශ නිකුත් කළා. ඒ අනුව කළු සුදු බේදය සම්බන්ධයෙන් ට්‍රම්ප් ගේ මතයට ඇමරිකානුවන්ගේ දැඩි විරෝධය එල්ල වුණා. ඔබාමා මෙම ඡායාරූපය පළ කරන්නේ එම කතාබහ ඇතිව තිබියදී. ඡායාරූපයට අනුව ඔබාමා ළමා නිවාසයක ජනේලය අසල සිටින දරුවන් දෙස බලා සිටිනවා. ඒ දරුවන් කළු සහ සුදු ආදී වූ විවිධ වර්ගවල දරුවන්. ඔබාමාගේ මෙම ඡායා රූපයට මිලියන 3.4ක පමණ ලයික් ප්‍රමාණයක් ලැබී තිබුණා. වර්ණ බේදය සම්බන්ධයෙන් ඔබාමාගේ විවෘත මතවාදය සහ සංවේදි චින්තනය ඡායාරූපයෙන් ප්‍රකටව තිබුණා. ඊට දෙස් විදෙස් සුවිශාල පිළිගැනීමල් ලැබී තිබුණා

 

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close