Daily News
Trending

ළඟදීම දිනක්ෂිගෙත් වෙස් පෙරලෙයිද?




දිනක්ෂි වෙස් නාට්‍යයේ හරිම සංකීර්ණ චරිතයකට පණපොවනවා. ඒක කොයිතරම් සංකීර්ණයි ද කියනවා නම් ඇයගේ වෙනස්වීම් පවා තවමත් ප්‍රේක්ෂකයාට තේරුම් ගැනීම අපහසුයි. එක පැත්තකින් ඇය ආදරයක් වෙනුවෙන් පාරමිතා පුරනවා. තව පැත්තකින් සහෝදර ප්‍රේමයක්. අනෙක් අතට මව. ඒ වගේම බිරියක්.

අපි කතාව පැත්තකින්ම තියලා දිනක්ෂිගේ පෞද්ගලික ජීවිතයේ වෙස් පෙරලිය ගැන කතා කරමු. දිනක්ෂි නම් කියන්නේ ඇය තවම පෙම්වතියක් නෙමෙයි කියලා. ඒ වගේම හැම වෙලාවෙම ඇයට අහිංසක පෙම්වතියක් වන්නත් බැහැ කියලා.

වෙස් කතාවේ වෙස් පෙරළීමට නියමිතව සිටින සාරංගට වගේම දිනක්ෂිටත් විදෙස් ගමන් හරියට තියෙනවා. විදෙස් ප්‍රසංගවලට මේ දෙන්නටම එකම වෙලාවට තමයි ආරාධනා ලැබෙන්නේ.

දිනක්ෂි වගේම සාරංගත් ළඟදීම මිණි ගංදෑලෙදිත් හමුවෙන බව අපට දැනගන්න ලැබුණා.

දිනක්ෂි සහ ශනුද්‍රිට එකට රඟපාන්න අවස්ථාව හැදුන අලුත් වැඩකට සම්බන්ධ වෙන්න ඇයට හැකියාව ලැබිලා තියෙනවා. මේ නිර්මාණයේ සාරංගගේ නංගි විදියට තමයි ශනුද්‍රි ඉන්නේ. ඉතිං ඒකත් ඇයගේ ජීවිතයට විශේෂ අවස්ථාවක්.

දිනක්ෂි වැඩිපුරම රඟපාන්නේ ආදරවන්තිය විදියට. නමුත් ඇය මේ වෙද්දි නම් සැබෑ ජීවිතයේ පෙම්වතියක් නෙමෙයි. හැබැයි ඇය පෙම්වතියක් වෙලා ඉඳලා නැතුව නෙමෙයි. මේවා ඉතිං කාලයත් එක්ක ඇතිවෙන නැතිවෙන සුන්දර හමුවීම්නේ.

Tags
Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close