Daily News
Trending

හේමාල් නිතර නොපෙනෙන හේතුව.




හේමාල් රණසිංහ කියන්නේ ලංකාවේ සිනමාවේ සරාගීම නළුවා කියන එකට නම් වාදයක් නැහැ. ඒ වගේම ඔහුගේ හැකියාවෙත් අඩුවක් නැහැ. මේ නිසා හේමාල් වෙනුවෙන් තියෙන රසික උන්මාදය මේ වෙනකොට අතිවිශාලයි.

බොහෝ දෙනෙක් කියන්නේ හේමාල් බොහෝම ආඩම්බරයි කියලා. ඒ වගේම හේමාල් කියන්නේ නිරන්තරයෙන් අපට පේන්න ඉන්න කෙනෙක් නෙමෙයි. ඉතින් මේකට හේතුව හේමාල් පසුගිය දිනයක මාධ්‍යයට කියලා තිබුණා. හේමාල් කැමති හොඳ නිර්මාණ වලින් විතරක් ප්‍රේක්ශකයින් හමුවට එන්නලු. මේ නිසා ඔහු පේන්න ඉන්නවා අඩුයිලු. ලංකාවේ හොඳ නිර්මාණ බිහි නොවෙන්නේ නිරන්තරයෙන් හොඳ තිර රචකයන්ගේ අඩුව නිසා කියලා තමයි හේමාල් කියලා තිබුණේ.

මේ දිනවල හේමාල් ඓතිහාසික සිනමාපටයකට සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ සුනිල් ආරියරත්නයන්ගේ විජයභා කොල්ලය. මේ ඔහුගේ ඉතිහාස කතාවකට සම්බන්ධ වෙන පළමු අවස්තාවලු. ඒ වගේම හේමාල් කැමති සිනමා නළුවෙක් වෙන්න විතරලු. මේ නිසා ටෙලිනාට්‍ය වලට ඔහු සම්බන්ද වෙන්න කැමැත්තක් නැතිලු. නිර්මාණ නොලැබෙනකොට හේමාල්ගේ පවුලේ අයගේ ව්‍යාපාරයට සම්බන්ද වෙලා වැඩ කරනවා කියලා තමයි හේමාල් කියලා තිබුණේ.

Tags
Show More
Close