Daily News
Trending

හේමාල් – අයිශාරා ප්‍රේම කතාව දියවෙයිද?

Hemal & Aishara




Hemal & Aishara Exclusive from Starfriends.lk

අයිස්ක්‍රීම් (Ice Cream Movie) කියන්නේ ෆිල්ම් එකකට ගැලපෙන නමක්ද? ඒ ගැලපීම කරන්න ප්‍රදීප් ධර්මදාස සමත් වෙනවා. අයිස්ක්‍රීම් කියන්නේ ඔහුගේ අලුත්ම අලුත් සිනමා නිර්මාණය. බැලූ බැල්මට අයිස්ක්‍රීම් කියන්නේ දර්ශනීය රූප රාමු රැගත් සිනමා කෘතියක්. ඇත්තටම වෙනස් වැඩක්.

අයිස්ක්‍රීම් පිටපත කාගෙද දන්නවාද? අති දක්ෂ රංඟන ශිල්පියකු ලෙස ජනාදරයට පාත්‍රවෙලා සිටින කලණ ගුණසේකර (Kalana Gunasekara) තමයි අයිස්ක්‍රීම්හි පිටපත රචනා කරන්නේ. මේ කලනගේ පළමු සිනමා පිටපත බවත් කියන්නම ඕනේ. ප්‍රදීප් ධර්මදාස නිර්මාණ කිහිපයක් ඔස්සේම රසිකයින්ව දිනාගෙන සිටින දක්ෂ අධ්‍යක්ෂවරයෙක්. ඔහුගේ සිනමා එලැඹුම කොයි වගේ ද කියලා අයික්‍රීම් සමඟ අපිට දැකගන්න ලැබේවි.

අයිස්ක්‍රීම් සිනමා කෘතියේ ආකර්ශනීය ප්‍රධාන නළුවා වන්නේ හේමාල් රණසිංහ (Hemal Ranasinghe). මෙහි ප්‍රධාන නිළියගේ භූමිකාව රඟ දක්වන්නේ අයිශාරා අතුකෝරල (Aishara Athukorala). හේමාල් සහ අයිශාරා කොයිතරම් ගැලපෙන පෙම්වතුන් ද කියලා අයිස්ක්‍රීම්හි රූපරාමු සහතික කරනවා. අති දක්ශයින්ගේ එකතුවකින් නිමවෙන මේ සිනමා කෘතියෙහි මනරම් ගීතයක් මේ වනවිටත් අන්තර්ජාලයට මුදාහැර අවසන්. ඒ සඳහා දැනටමත් උණුසුම් ප්‍රතිචාර ලැබෙමින් තියෙනවා.

අයිස්ක්‍රීම් සිනමා කෘතියෙහි ගීත රචනා කරන්නේ විශ්ෂිට සාහිත්‍යකරුවකු වන මංජුල වෙඩිවර්ධන. මෙතෙක් අපි නොදුටු සිනමා අත්දැකීමක් අයිස්ක්‍රීම් සමඟ බෙදාගන්න ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. චිත්‍රපටය ප්‍රදර්ශනය වන තුරු ගීතය රසවිඳලා ඒ පිළිබඳව අවබෝධයක් ලබාගන්න කියලත් අපි ආරාධනා කරනවා.

Hemal & Aishara Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close