GossipsHollywood & Bollywood
Trending

හිලරි පරදා මිෂෙල් මුල් තැනට එද්දී ට්‍රම්ප් ඔබාමාට පැරදෙයි.

Barack Obama with Michelle Obama




Barack Obama and Michelle Obama Exclusive from Starfriends.lk

මත විමසීමකට අනුව ඇමරිකාවේ හිටපු ජනාධිපති ආර්යාව වන මිෂෙල් ඔබාමා (Michelle Obama) 2018 වසරේ එරට වඩාත් ගෞරවයට ලක් වූ කාන්තාව බවට පත්වෙලා තියෙනවා. ඒ වාර්ෂික ‘Gallup’ මත විමසීමට අනුව. එහිදී ජනාධිපති අපේක්ෂිකාවක, රාජ්‍ය ලේකම්වරියක සහ හිටපු ජනාධිපති ආර්යාවක් ද වන හිලරි ක්ලින්ටන්ට ලැබී තිබෙන්නේ තුන්වැනි ස්ථානය.

රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක වන ඔප්රා වින්ෆ්‍රි මෙම මත විමසීමේ දී දෙවන ස්ථානයේ පත්ව තිබෙනවා. ඇය ඉතාම දුෂ්කර සහ කටුක අතීතයක් හිමි කාන්තාවක වුවත් උත්සාහයෙන් සහ ධෛර්යයෙන් සාර්ථකත්වය කරා පත් වූ කෙනෙක්. මෙම මත විමසීමේ දී බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජින පනස්වැනි වතාවටත් පළමු 10 දෙනා අතරට එක්වන්න සමත්ව තිබෙන බවත් ‘Gallup’ ආයතනය පවසනවා.

මෙම මත විමසීමේ දී සිය ජනප්‍රියත්වය තවදුරටත් රඳවා ගනිමින් නොනවත්වා එකළොස් වෙනි වරටත් ඇමරිකාවේ වඩාත් ගෞරවයට ලක් වූ පුරුෂයා බවට හිටපු ජනාධිපති බරැක් ඔබාමා (Barack Obama) පත්ව තිබෙනවා. එහිදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට දෙවැනි තැන හිමිව ඇත්තේ නොනවත්වා සිව් වන වතාවට.

‘Gallup’ ආයතනය 1946 වසරේ සිට වාර්ෂිකව මෙම මත විමසීම සිදුකරනු ලබනවා. එහිදී වැඩිහිටියන් 1025 දෙනෙකු සමීක්ෂණය සඳහා යොදා ගනු ලබන අතර ලෝකයේ ඕනෑම තැනක වෙසෙන තමන් වඩාත් ගෞරවයට ලක් කරන පුරුෂයා හෝ කාන්තාව කවුරුන්දැයි යන්න ඔවුන් විසින් නම් කරනු ලැබිය යුතුයි. ඒ අනුව 2018 වර්ෂයේ වඩාත් ගෞරවයට ලක් වූ කාන්තාවන් ලෙස පිළිවෙලින් මිෂෙල් ඔබාමා, ඔප්රා වින්ෆ්‍රි, හිලරි ක්ලින්ටන්, මෙලනියා ට්‍රම්ප්, එලිසබෙත් රැජින ඉදිරියෙන්ම ඉන්නවා. වඩාත් ගෞරවයට ලක් වූ පුරුෂයන් ලෙසින් බරක් ඔබාමා, ඩොනල්ඩ් ට්‍රම්ප්, ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්, ෆාන්සිස් පාප් වහන්සේ, බිල් ගේට්ස් යන අය ඉදිරියෙන් සිටිනවා.
පසුගිය වසර 17 ද ඇතුළුව හිලරි ක්ලින්ටන් ඇමරිකාවේ වඩාත් ගෞරවයට පත් වූ කාන්තාව බවට පත්ව ඇති වාර ගණන 22 ක් ඔප්රා වින්ෆ්‍රි 14 වතාවක් දෙවැනි ස්ථානයට පත්ව ඇති නමුත් කිසිදාකවත් පළමු තැනට පත්ව නැහැ.

නොනවත්වා වසර 12 ක් වඩාත් ගෞරවනීයම පුරුෂයාගේ ස්ථානයට පත්ව ඇත්තේ හිටපු ජනාධිපති ඩ්වයිට් අයිසන්හවර්ගේ. ලබන වසරේදීත් ඔබාමා මුල්තැනට ආවොත් එම වාර්තාව ඔබාමාට අයිති වීමට නියමිතයි.
මෙම මත විමසීමට අනුව ජනාධිපති ධුරය දරන අතරතුර වඩාත්ම ගෞරවයට ලක් වූ පුද්ගලයා බවට පත් නොවූ ජනාධිපතිවරුන් දෙදෙනාගෙන් එක් අයෙකු වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්. එම ස්ථානයට පත් නොවූ අනෙක් පුද්ගලයා ගෙරල්ඩ් ෆෝර්ඩ් බව සඳහන්.

Barack Obama and Michelle Obama Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close