Daily News
Trending

හිරුණිකා සීනී බෝල චරිත වලට කැමති නැතිලු.




හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ලංකාවම අඳුරන්නේ දේශපාලන චරිතයක් නිසා. හැබැයි දැන් නම් හැමෝටම හිරුණිකාගේ නොදැකපු චරිතයකුත් බලාගන්න පුළුවන් වෙනවා. ඒ තමයි හිරුණිකාගේ රංඟන චරිතය.

උදුම්බරා සිනමාපටය සමඟ හිරුණිකා ඔන්න හා හා පුරා කියලා රංඟනයටත් සම්බන්ධ වෙනවාලු. බොහෝ ආරාධනා ආවත් හිරුණිකා මේ හැම ඉල්ලීමක්ම ඉවත දාලා තියෙන්නේ ඇයට නොගැළපෙන නිසාලු. ඇගේ දේශපාලන කටයුතු නිසා ළද බොළද ප්‍රේම චරිත වගේම සීනි බෝල චරිත රඟපාන්න ඇය කැමති නැතිලු. මේ නිසා කලින් ආපු අවස්ථා කිහිපයක්ම ඇය අතහැරියලු.

නමුත් මේ සිනමා පටයෙයේදී ඇයට රඟපාන්න තියෙන්නේ ක්‍රීඩා උපදේශිකාවකගේ චරිතයක් නිසා බොහෝම කැමැත්තෙන් බාරගත්තලු. රට වෙනුවෙන් තමයිලු මේ සිනමාපටයෙත් ඇයට රඟපාන්න තියෙන්නේ. අම්මත් සැමියත් හිරුණිකාට ලැබුණ මේ අවස්තාව ගැන ගොඩක් සතුටු වුණාලු. මේ ගැන දැනගෙන ඇගේ සැමියා හිරාන් අහලා තියෙනවලු ඒ පාර මගේ ජොබ් එකටත් ඔයා තට්ටු කරන්නද හදන්නේ කියලා. කොහොම වුනත් මේ ලැබුණ අවස්ථාව ගැන ඇය ගොඩක් සතුටු වෙනවා කියලා තමයි ආරංචි.

Tags
Show More
Close