Daily News
Trending

“හිතින් යන අය අතින් අල්ලලා නවත්තන්න බෑ” කියපු හේතුව සංඛ හෙළි කරයි.




මේ වෙද්දි ලංකාවෙ ජනප්‍රිය ගීතය මොකක්ද ඇහුවොත් ඒ තමයි ” හිතින් යන අය අතින් අල්ලලා නවත්තන්නට බෑ” කියන ගීතය. මේ ගීතය ගායනය කරන්නෙ නව පරපුරේ අති දක්ෂයකු වන සංඛ දිනෙත් සමග ප්‍රවීනතම සංගීතඥයකු වන වික්ටර් රත්නායක මහත්මයා. පරම්පරා දෙකක් වුණත් වික්ටර් රත්නායකයන්ගෙ හඬ මේ ගීතයේදි වඩාත් තියුණු ලෙස මතුවෙනවා. ඒ සුසංයෝගය මාරයි. හැමෝගේම හිත්වල මිමිනෙන ගීතයක් බවට මේ වෙද්දි මේ ගීතය පත්ව අවසානයි. හිතින් යන අය අතින් අල්ලලා නවත්තන්න බැහැ කියලා මේ කියන්නෙ ඩිල්ෂාන් පතිරත්න. ඔහුගේ පොතක ලියලා තිබුණ වචන ටිකකට සංඛගෙ හිත යනවා. ඒ අනුව ඔහු ඒ වචන ටික ගීතයකට හරවනවා. ඉතිං සංඛට හිතුනෙම මේකට හොඳ වික්ටර් රත්නායකයන්ගෙ හඬ කියලා. අන්තිමේ වික්ටර් රත්නායකයන් මේ වැඩේට කැමති වෙනවා. කොහොම වුණත් තවමත් සංඛට මේක හිතාගන්න බැරි තරම් පුදුමයක් ලු. ස්ටුඩියෝ එකේදි වික්ටර් සංඛගෙ පිටට තට්ටු කරලා සින්දුව ලියලා දෙන්න කිව්වලු. ඒ කොහොමද දන්නවාද? සංගීත භාෂාවෙන්. සංඛ කියන්නෙ එතුමාගෙන් ඉගෙනගන්න ගොඩාක් දේවල් තියෙනව කියලා. සංඛ වික්ටර් රත්නායකයන්ව තනි වචනයෙන් හඳුන්වන්නෙ පුරාවෘතයක් කියලා. සංඛ වරක් අමරදේව මාස්ටර් එක්ක සමානයක් සඳහා නිර්දේශ වෙනවා. නමුත් ඔහු ඒ අවස්ථාවේ වේදිකාවට පවා නගින්නෙ නැහැ. ඔහු ඒ වෙලාවෙ කිව්වෙ තමන් අමරදේව මාස්ටර් ළඟින් තියන්න බැරි කුඩා චරිතයක් කියලා. සංඛගෙ ගමන පැහැදිලියි. දැන් ඔහු ඉතාම දක්ෂ සංගීතඥයෙක්. ඔහුගෙ අලුත්ම ගීතය සමාජයේ වැඩි අවදානයක් දිනාගත්තා. ඒ වික්ටර් රත්නායකයන් ද ඒ ගීතයේ හවුල්කරුවකු වූ නිසා. ඉදිරියෙදි අපි සංඛගෙන් මේ වගේ තවත් නිර්මාණ බලාපොරොත්තු වෙමු

Tags
Show More
Close