Daily News
Trending

හිටි හැටියේ සෙනාලි ලෙඩ වුනේ ඇයි?




සෙනාලි ෆොන්සේකා කියන්නේ ෆොන්සේකා පරම්පරාවේ වර්තමානය. ඇය රංඟනයට වගේම නර්තනයටත් දක්ෂ බව රියැලිටි තරඟවලදි ප්‍රත්‍යක්ෂ වුණා.

සෙනාලි රංඟනයෙන් දායකවුණ හරිම ලස්සන, ඒත් දුක්බර මියුසික් වීඩියෝවක් රිලීස් වෙලා තියෙනවා. මියුසික් වීඩියෝව නිර්මාණය වෙන්නේ ප්‍රිහාන් මඩප්පුලිගේ ‘යන්නෙපා සුදෝ’ කියන අලුත්ම ගීතයට.

කාලෙකින් තමයි ප්‍රිහාන් සින්දුවක් රිලීස් කරන්නෙ. මේ ගීතය අතිෂය රොමෑන්ටික් ආදර කතාවක් විදියට රූපරචනය කරන්නේ සංදේශ් බණ්ඩාර. ගීතයේ වචන සිඩ්නි චන්ද්‍රසේකරගේ. මේක නිෂ්පාදනය කරන්නේ නතාෂා පෙරේරා. මෑතකදි නතාෂාත් අලුත්ම ගීතයක් කළා. දෙන්නම මාරුවෙන් මාරුවට ගීත රිලීස් කරනවද කියලත් හිතෙනවා.

කොහොම වුණත් යන්න එපා සුදෝ ගීතයට මියුසික් වීඩියෝවෙන් ඉතාම සංවේදී හැඟීමක් එකතු වෙනවා.

තමන් පණ වගේ ආදරය කරපු සුන්දර තරුණිය පසුව ඔහුගේ බිරිය බවට පත් වෙනවා. ඊටත් පස්සේ ඇය මව් පදවියට සූදානම් වෙනවා. දෛවය මේ දෙදෙනාගේ ආදරකතාව තව දුර ගෙනියන්න ඉඩ තියන්නේ නැහැ. රෝස මලක් වගේ ලස්සන බිරිය පිළිකා රෝගී තත්ත්වයකින් පෙළෙන බව ඔවුන් දැනගන්නවා. ඒත් ඇය ඔහු වෙනුවෙන් ආදරයේ නාමයෙන් තිළිණයක් දෙනවා. ඒ තමයි ඔවුන්ගේ දරුපැටියා. අවසානයේ ආදරණීය පෙම්වතිය, බිරිය වගේම ආදරණීය අම්මා රෝහලේ සයනයක් මත අසාධ්‍යව වැතිර සිටිනවා. දරුවාත් ඔහුත් මේ ලෝකයේ තනිකරලා දාලා ඊට සුළු මොහොතකට පස්සේ ඇය යන්න ඇති. සුන්දර කෙහෙ රැලි සම්පූර්ණයෙන්ම ගැලවිලා යනකොට ඇයගේ පෙනුම බලා සිටින්න බැරි තරම් දුක්බරයි.

සෙනාලි මේ වගේ රංඟනයකට මුහුණදුන්නේ ජීවිතේ පළමුවතාවට වෙන්න ඕනේ. පෙම්වතියක්, ගැබිණියක්, බිරියක්, මවක්, පිළිකා රෝගියෙක් කියන භූමිකා සියල්ලම ඇය ඒ මිනිත්තු කීපයේ ඉතාම සාර්ථකව නිරූපණය කරනවා.

Tags
Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close