Daily News
Trending

හාරකෝටියේ ඩිංකා පුංචි තිරයට සමුදීමේ සූදානමක්.




හාරකෝටියේ ඩිංකා දැන් කෝටිපතියෝ කතාවෙනේ ඉන්නේ. මේ මාලා නාට්‍ය දෙකම එකකට එකක් සම්බන්ධයි. ඩිංකා කොයිතරම් ජනප්‍රිය වුණාද කියනවා නම් ජනප්‍රියම නළුවා සම්මානය දිනාගන්නත් සමත් වුණා. මේ කියන්නේ රුවන් පෙරේරා ගැන. රුවන්ව ඉස්සෙල්ලාම රංගනයට ගේන්නේ ජැක්සන් ඇන්තනී. ඔහුගේ දස්කොන් ටෙලිනාට්යයේ සුරගුණේගේ චරිතය එක්ක රුවන් හුගාක් කතා බහට ලක් වෙනවා. ඒ චරිතය සම්මානනීය වෙනවා. සූර්ය වච්චසා කියලා අලුත්ම ටෙලිනට්‍යකත් රුවන්ට ප්‍රදාන චරිතයක් වෙන් වෙනවා. මේ විදියට එක දිගටම ටෙලිනාට්‍ය එක්ක දැකපු රුවන් ටෙලි තිරයට සමුදෙන්නද හදන්නෙ..?? මෙහෙම ගොඩක් අයට හිතුනේ රුවන්ගේ සිනමා සම්ප්‍රාප්තියත් එක්ක. රුවන් සිනමා නිර්මාණ කීපයකටම මේ වෙද්දිත් සම්බන්ධවෙලා ඉවරයි. තවම අපි රුවන්ව සිනමාවෙන් දැකලා නැහැ. ඉදිරියෙදි අපිට රුවන්ව රිදී තිරයෙන් දකින්න ලැබෙනවා. ඉතිං මේ විදියට සිනමාවට ඔළුව දැම්මාම රුවන් පුංචි තිරයෙන් සමුගනීවිද කියලත් රාවයක් යනවා. ඒත් සිනමාවට වඩා රුවන් හුඟක්ම සමීප පුංචි තිරයට. ඒ නිසා රුවන් පුංචි තිරය අතහරින්නේ නැති වෙයි. සිනමාවත් පුංචි තිරයත් දෙකම සමබරව කරගෙන යන්න තමයි ඔහුගේ අදහස.

Tags
Show More
Close