Daily News
Trending

හර්ෂ උඩකන්ද රොෂාන්ගේ වෙස් පෙරලයි. ෆේස් ටු ෆේස් මොනවා වෙයිද?




හර්ෂ උඩකන්ද කියන්නේ තරුණ සිනමා අධ්යක්ෂවරයෙක්නේ.. ෆේස්ටු ෆේස් කියන්නෙ ඔහුගේ අලුත්ම සිනමා නිර්මාණය. මේ නිර්මාණය සඳහා රොෂාන් රණවනව මුළුමනින්ම වෙනස් කරන්න හර්ෂ කටයුතු කරනවා. ඒ වෙනස කොයිතරම් සාර්ථකයිද? කොයිතරම් දුරකට ජනතාව භාර ගනීද කියලා දැනගන්න වෙන්නේ ෆිල්ම් එක තිරගත වුණාට පස්සේ. කාලයක්ම සුන්දර අහිංසක පෙම්වතාගේ චරිතය නිරූපනය කරන රොෂාන් රණවනව ෆේස්ටු ෆේස් සමග මුණගැහෙන්නේ නපුරෙක් විදියට. හතුරෙක් විදියට. චන්ඩියෙක් විදියට. ඉතිං රොෂාන්ගේ රසවතුන් එයාව හතුරෙක් විදියට භාරගන්න කැමති වෙයිද කියලා නම් හරියටම කියන්න බැහැ. රොෂාන් රණවන, දිනෙත් ද සිල්වා, ශ්රියන්ත මෙන්ඩිස්, ඕෂධී හිමාෂා වගේ අය ප්‍රධාන චරිත නිරූපනය කරනව. අගෝස්තු 12 වැනිදා සවස 5ට යූ ටියුබ් හරහා ෆේස් ටු ෆේස් ෆිල්ම් එකේ ට්රේල එක රිලීස් වෙනවා. ට්රේල එක බැලුවම ඔයාලගේ කුතුහලය තව තවත් වැඩි වෙයි කියලා අපි හිතනවා. ශෙහානි පෙරේරා ෆේස් ටු ෆේස් හරහා සිනමාවට හඳුන්වා දීමත් සිදුවෙනවා. ෆේස් ටු ෆේස් ට්රේල එක බලලා ඔයාලගේ අදහස් කියන්න කියලත් ශෙහානි ඉල්ලීමක් කරනවා. රිතූ ආකර්ශාත් හර්ෂගේ ෆේස් ටු ෆේස් ෆිල්ම් ට්රේල එක බලන්න කියලා ලයිව් ඇවිත් ඉල්ලීමක් කරනවා. ෆිල්ම් එකක ට්රේල එකක් අවුට් කරන්න මේ තරම් වියදමක් දරන්නේ කොහොමද කියලත් සමහරු මේ වෙලාවේ ප්‍රශ්න කරනවා. අනේ මන්දා දැන් නම් මොකක්ද ඔය කියන ට්රේල එක කියලා දැනගන්නකල් ඉවසිල්ලක් නෑ. අගෝස්තු 12 හවස 5ට යූ ටියුබ් එකෙන් ඒකට උත්තර ලැබේවි.
මේ ගැන අපට හර්ශ කිව්වේ මෙහෙම කතාවක් .මේ චිත්‍රපටය රෝශාන්ට ලොකු වෙනසක් එකතු කරාවි.වීරයා සහ ප්රතිවීරයා කියන චරිත දෙකම රෝශාන් මේකේ රගපානවා.ඒ වගේ මම හිතන්නේ වැඩිම සටන් ජවනිකා ඇතුලත් ලංකාවෙ එකම චිත්‍රපටය
වෙන්නෙ මෙක.සටන් ජවනිකා නමයක් විතර තියෙනවා. ඒ වගෙම තමයි ෆේස්ටු ෆේස් කියන්නෙ නවීන තාක්ශනය බාවිතා කරලා හදපු සිනමාපටයක්.මේ සියල්ලෙම වෙනස දැක බලාගන්න හෙටහවස පහට ඔයාල ඔක්කොටම මේකෙ ට්රේල එක බලන්නබ්කියලා හර්ශ කියනවා. ඉතින් මෙ අත්දැකීම දැක බලා ගන්න ගොඩ දෙනෙක් නොඉවසිල්ලෙන් ඉන්නෙ.

Tags
Show More
Close