Daily News
Trending

සෙනාලි ටෙලි තිරයෙන් වැඩිපුර නොපෙනෙන්න හේතුව.




සෙනාලි ෆොන්සේකා ජනතාව අතරට එන්නේ සෝමරත්න දිසානායක එක්ක. නිකම්ම නෙමෙයි රාජ කුමාරිකාවක් වෙලා. ඊට පස්සේ සෙනාලි හාරකෝටියේ දිලී කියන මුඩුක්කු කෙල්ලට රඟපාන්නේ ඇගේ රංඟ පරාසය පිළිබඳව ඉඟි කරන ගමන්.

රියැලිටි වේදිකාවට සෙනාලි එන්නේ නර්තන අංශයෙන්. මේ සියලු කාරණා අතීතයට එකතු වෙද්දී සෙනාලිගේ වර්තමානය සකස් වෙන්නේ කොහොමද? ඇයි සෙනාලි වැඩිය දකින්න නැත්තේ? සෙනාලි ටෙලිනාට්‍ය රංඟනයට තිත තියලද? බොහෝ දෙනාට ඇති වුණ ප්‍රශ්නයකට සෙනාලිගෙන් ලැබුණ පිළිතුර මෙහෙම එකක්.

හාරකෝටියෙන් පස්සේ සෙනාලිට සිනමා නිර්මාණ දෙකකට ආරාධනා ලැබෙනවා. ඉතිං ඒ වැඩ දෙකත් එක්ක ඇය කාර්යබහුල වූ නිසා ටෙලි නාට්‍ය කිසිවක් භාර ගන්නේ නෑ. මේ එක් චිත්‍රපටයක සෙනාලි ප්‍රධාන චරිතය නිරූපනය කරනවාලු. අනෙක් චිත්‍රපටයේත් උප ප්‍රධාන චරිතයක් නිරූපණය කරනවාලු.

මේ නිසා තමයි සෙනාලි ටෙලි නාට්‍යවල වැඩිය දකින්න නැත්තේ. කොහොම වුණත් හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් ඒ චරිතය ප්‍රධාන එකක්ද නැද්ද කියන කාරණය සෙනාලිට අදාල නොවන බව තමයි ඇය කියන්නේ.

Tags
Show More
Close