Daily News
Trending

සූපවේදියෙක් වෙන්න හීන දැකපු කේශාන් අන්තිමට නතරවුණ තැන.




කේශාන් ශෂීන්ද්‍ර ගායකයෙක් විදියට අඳුනගන්නවද එහෙම නැත්නම් නළුවෙක් විදියට අඳුනගන්නවද කියලා හරියටම කියන්න බැහැ. මොකද කේශාන් මේ දෙකටම දක්ෂයි. දෙරණ ඩ්‍රීම්ස් ස්ටාර් වුණ කේශාන් ශෂීන්ද්‍ර රංඟනයට පිවිසීම නිසා ගායනය කියන භූමිකාවෙන් තරමක් දුරට ඈත් වුණාද කියලත් හිතෙනවා.

කොහොම හරි මේ කියන්න හදන්නෙ කේශාන්ගේ ඔයාල නොදන්න හැකියාවක් ගැන. ඒ තමයි කේශාන්ට රසට උයන්න පිහන්න පුළුවන් වීම. ඉස්සරම කේශාන්ගේ හිතේ සූපවේදියෙක් වෙන්න ආසාවක් තිබිලා තියෙනවා. ඒත් ඒ ආසාව හරිහැටි ඉටු කරගන්න නම් ලැබිලා නෑ.

ඒත් කේශාන් සූපවේදියෙක් නොවුණට ගෙදරට සූපවේදියා වෙන්නේ ඔහු තමයි. කේශාන් ගෙදර ඉන්නවා නම් එයාගෙ බිරියට හරිම පහසුවක්. මොකද කේශාන් තමයිලුනේ වැඩිපුර උයන්නෙ පිහන්නේ. ඒක ඉස්සර ඉඳලම තිබිච්ච හැකියාවක් කියලා තමයි කේශාන් කියන්නේ.

එයා හදන කෑම වෙන කෙනෙක් කාලා අදහස් කියන එකෙත් වෙනමම සතුටක් තියෙනවා කියලත් කේශාන් කියනවා.

ගායකයෙක් නළුවෙක් වෙන්න හීන දැකපු නැති කේශාන් දැන් ඒ දෙකටම සාධාරණය ඉෂ්ට කරනවා. ඒ වගේම සූපවේදියෙන් වෙන්න දැකපු හීනයටත් අසාධාරණයක් නොකර ගෙදර ඉන්න හැම වෙලාවෙම කේශාන් ඒ හීනය හැබෑ කරගන්නවා. ඒකත් මාරම වාසනාවක්නේ බලාගෙන ගියාම.

Tags
Show More
Close