Daily News
Trending

සුජීව ප්‍රියලාල් හිටි හැටියේ වයසට ගිහිං…




සුජීව ප්‍රියලාල් කියන්නේ අපි හුඟාක් ආදරය කරන අති දක්ෂ රංඟන ශිල්පිනී දුලීකා මාරපනගේ දයාබර ස්වාමිපුරුෂයා. මේ දෙන්නා හුඟක්ම අසීරුතාවට පත් වෙන්නේ බොහෝ අවස්ථාවල දුලීකාගේ පුතා සුජීව ප්‍රියලාල්ද කියලා අහන නිසාලුනේ. දවසක් එයාපෝර්ට් එකේදි ඔහොම සිද්ධියක් වෙලා තිබුණා.

ඇත්තටම බැලූ බැල්මට දෙන්නාගේ ප්‍රමාණය තරමක් වෙනස් නිසා එහෙම හිතුනට වරදකුත් නෑ. හැබැයි ඉතිං ඇත්තම කියනවා නම් සුජීව දුලීකාට වඩා වැඩිමල්. දැන් මේ ප්‍රශ්නෙට ආයෙ මුහුණ දෙන්න වෙන්නේ නැතිවෙයි. මොකද සුජීව හිටිගමන් සෑහෙන වයසට ගිහිල්ලා. වෙනදා කළුවට තිබුණ හිසකෙස් වගේම රැවුලත් සුදුපාට වෙලා. එහෙම වුණේ කොහොමද කියලා ඔයාලා දන්නවනේ. සුජීව හිසකෙස් කලර් කරන එක නවත්තලා වගේ. දැන් නම් කාටවත් සුජීව දුලීකාගේ පුතා ද කියලා අහන්න ඕන වෙන්නේ නැතිවෙයි. කොහොම හරි ආරංචි විදියට සුජීවගේ මේ අලුත් පෙනුමට හුඟාක් අය කැමතියිලුනේ.

දුලීකා පහුගිය දවස්වල ඩෙංගු රෝගය නිසා අසාධ්‍යවෙලානේ හිටියේ. මාස දෙක තුනක් මේ නිසා දුලීකාට රෙස්ට් කරන්නත් සිදුවුණා. දුලීකා ඩෙංගු රෝගය නිසා හුඟක් අසාධ්‍යවනෙ හිටියේ. ඒ නිසා ඇය තවමත් ඉන්නේ විවේක පාඩුවේ. ඒ කෝක වුණත් ලෝරන්ස්ගේ මනමාලිත් අරගෙන ලෝකේ වටේ යන්නත් දෙන්නගේ සූදානමක් තියෙනවා. ඔක්තෝබර් 13 මිලානෝ නගරයෙන් ඒ සවාරිය පටන් ගන්නවා. ප්‍රංශය, ස්විස්ටර්ලන්තය වගේ රටවල් කීපයකම සංචාරය කරලා තමයි පෙරලා ඔවුන් ලංකාවට එන්න හිතාගෙන ඉන්නේ. ඉතිං සුජීවටයි දුලීකාටයි අපි සුභ ප්‍රාර්ථනා කරනවා.

Tags
Show More
Close