Daily News
Trending

සිනමාවට තවමත් ආරාධනා ලැබිලා නැහැ. – චානුක ප්‍රබුද්ධ Exclusive Photos




චානුක තවම රංඟනයට අලුත්. සකූගේ කතාව ඔහුගේ දෙවැනි ටෙලි නිර්මාණය. මීට කලින් ඔහු ශාන්ත සොයිසාගේ මිතූ කියන නාට්‍යයේ කෙලිලොල් පෙම්වතකු ලෙස පෙනී සිටියා.

සකූගේ කතාවේ මාලකගේ චරිතය තරමක භාරදූර වැඩක්. එහිදී ඔහුට ජනප්‍රිය චරිතයක්, පෙම්වතෙක්, ස්වාමිපුරුෂයෙක් සහ පියෙක් කියන චරිත සියල්ල රඟපාන්න සිදුවනවා.

මාලක රංඟනයට එන්නේ නිරූපන ශිල්පය හරහා. ඔහු තවමත් ඒ කටයුතුවලට සමු දීලා නැහැ. කවදා හරි හොඳට ඉගනගෙන ව්‍යාපාරිකයෙක් වෙලා විදෙස්ගත වෙන්න තමයි මාලක හීන දැක්කේ. ඒත් දැන් ඒ හීන වෙනස් වෙලා.

චානුක ඉදිරියේ දැන් අලුත් හීන‍යක් තියෙනවා. රංඟනයෙන් ලොකු දුරක් යන්න ඔහු අපේක්ෂා කරනවා. ඒ හැදෑරීම දැන් ඔහු කරමින් ඉන්නේ.

චානුකට තවමත් සිනමා නිර්මාණයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා නැහැ. කවදා හෝ සිනමා නිර්මාණයකට සම්බන්ධ වෙන එක චානුකගේ හීනයක්. ඒ හීනය ඉක්මනින්ම සැබෑවේවා කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා.

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close