Daily News
Trending

සාරංගයි දිනක්ෂියි ප්‍රසිද්ධියේ ආදරය කරපු හැටි.Exclusive Photos

Saranga and Dinakshie




Saranga Disasekara and Dinakshie Priyasad’s Romantic Moment Exclusive from Starfiends.lk

පරණ අවුරුද්ද ඉවර වෙන්න තව පැය කීපයයි තියෙන්නේ. අලුත් අවුරුද්දක් කියන්නේ අලුත් බලාපොරොත්තුවක් . එහෙම බලාපොරොත්තු එක්ක පටන්ගන්න අලුත් අවුරුද්දේ ඔයාලාව විනෝදයෙන් තියන්න “හිරු සිහින රැයක්” උදා වෙනවා. අද රෑට හිරු නාලිකාවෙන් ඔයාලට සිහින රාත්‍රියේ තාරකා පෙළහර දකින්න පුළුවන්

මෙවර වසර අවසන තාරකා මංඟල්‍යයේ වඩාත්ම කුතුහලය දනවන අයිටම් එකක් තිබුණා. ඒ තමයි සාරංග සහ දිනක්ෂි (Saranga & Dinakshie) කා සමඟ නර්තනය යෙදෙනවාද කියන කුතුහලය.

සාරංග සහ දිනක්ෂි (Saranga & Dinakshie )කියන්නේ ඉතාම හොඳ යහළුවන් වගේම ඔවුන් දෙදෙනා පුංචි තිරයේ පෙම්වතුන් ද වනවා. මේ දෙදෙනාගේම රසික රසිකාවියන් ඔවුන් විවාහයට පවා ගැලපෙන බවට අනාවැකි කියනවා

කොහොම හරි “හිරු සිහින රැයක් ” මහා මංඟල්‍යයට සාරංග වගේම දිනක්ෂිත් සහභාගී වෙනවා. මේ දෙන්නාගේම පාට්නර්ස්ලා කවුද කියන කුතුහලය ඇතිවන්නේ ඊට පස්සේ.

මේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් දිනක්ෂි ඉන්ස්ටර්ග්‍රෑම් එකට පුචි වීඩියෝවක් එකතු කරනවා.

සිනා පිපෙනා මේ වසන්තය
නෙලාගෙන ඔබ මලක් සේ
මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ.
වසන්තය ඔබයි ගෙන ආවේ

මෙම අතිශය රොමෑන්ටික් ගීතයට ඊටත් වඩා සෞන්දර්යාත්මක ආලිංගන නර්තනයක් ඉදිරිපත් කිරීමට දිනක්ෂි සහ සාරංග සමත් වී තිබෙනවා. ඒ වීඩියෝව බැලුවාම නම් පේන්නේ දෙන්නා කිසිදු පැකලීමකින් තොරව එම ශෘංගාරාත්මක නර්තනය ඉදිරිපත් කරන බව.

බලමුකෝ සාරංගයි දිනක්ෂියි අලුත් අවුරුද්දේ කොයි වගේ වෙනස්කම් එක්ක අපට මුණගැහේවිද කියලා. එතෙක් දෙන්නටම සියලු කටයුතු සාර්ථක වේවා කියලා ස්ටාර්ෆ්‍රෙන්ඩ්ස් අපි ප්‍රාර්ථනා කරනවා.

Saranga Disasekara and Dinakshie Priyasad’s Romantic Moment Exclusive from Starfiends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close