Daily News
Trending

සාරංගට දඩිබිඩිස්ව වැහිලා.




දඩිබිඩිස් කියන්නේ පිට පිට කිහිප වතාවක්ම ජනතා සම්මානය දිනාගත්ත වැඩසටහනක චරිතයක්. ඒක තමයි අටපට්ටම. දඩිබිඩිස්වෙලා අටපට්ටම ඉදිරිපත් කළේ හසන්ත හෙට්ටිආරච්චි. මේ වැඩසටහන කොයිතරම් ජනප්‍රිය වුණාද කියනවා නම් දඩිබිඩිස්ගේ කතා විලාසයට පවා අනන්‍යතාවක් හැදුණා.

ඉතින් දවසක් සාරංගත් දඩිබිඩිස් වගේ කතා කරන්න ට්‍රයි කළා. සාමාන්‍යයෙන් අටපට්ටමට පෙන්වන්නේ අරුම පුදුම දේවල්නේ. සාරංගත් එහෙම දෙයක් දකිනවා. පිටරටක මවක් තමන්ගේ දරුවව බෙල්ට් එකකින් සම්බන්ධ කරලා ඇවිදගෙන යනවා. හරියට නිකන් බල්ලෙක් අරගෙන යනවා වගේ. මේක පිටරටවල මව්වරු දරුවන්ව කැටුව යාමේදී අනුගමනය කරන ක්‍රමවේදයක්. ඒත් බැලූ බැල්මට ඒක හරිම අස්වාභාවිකයි. ඒ වගේම හිංසාවක් වගෙයි.

මේ සිද්ධිය වීඩියෝ කරන සාරංග ඒකට පසුබිම් කථනය ඉදිරිපත් කරන්නේ දඩිබිඩිස්ගේ ස්වරූපයෙන්. ඒ කොහොමද දන්නවද? මෙන්න මෙහෙමයි.

” අනේ… අර දරුවව නිකන් බලු පැටියෙක් අරන් යනවා වගේ අතට දම්වැලක් දාලා අරගෙන යනවා. අපේ අම්මලා නම් කවදාවත් අපිව ඔහොම අරගෙන ගියේ නෑ. බලන්නකෝ ඒකෙත් හැටි”

Tags
Show More
Close