Daily News
Trending

සාරංගගෙන් විවාහ යෝජනාවක් ආවොත්? – දිනක්ෂි ප්‍රියසාද්

Dinakshie Priyasad




Dinakshie Priyasad’s Love Life Exclusive from Starfiends.lk

සාරංග දිසාසේකර (Saranga Disasekara) සහ දිනක්ෂි ප්‍රියසාද් (Dinakshie Priyasad) සම්බන්ධයෙන් මෑතක සිට විවිධ කටකතා පැතිරෙනවා. මේ දෙන්නා ඉතාම හොඳ මිතුරන් වීමත් ඒකට එක හේතුවක්. අනෙක් අතට දිනක්ෂි ඉන්නේ විවාහයට සුදුසු වයසක. සාරංගත් නැවත ඒ ගැන හිතලා බැලුවට කමක්නැහැනේ.

සාරංග වගේම දිනක්ෂිත් තිරයේදී එකට දකින නිසා මේ දෙන්නගේම රසික රසිකාවනුත් ඒ කටකතාව හැබෑවෙනවාට කැමතියි. හැබැයි ඉතින් කටකතා කියන්නේ ඇත්ත නෙමෙයි. ඒවා මිනිස්සුන්ගේ ජීවිතවලට පහර ගන්න නිර්මාණය කරපු ප්‍රබන්ධ.

දිනක්ෂි සාරංග සම්බන්ධයෙන් මාධ්‍යයට කියලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්. සරංගගෙන් විවාහ යෝජනාවක් ආවොත් දිනක්ෂි ඒ ගැන දැන්ම මොනවත් හිතන්නේ නෑලු. ඉදිරියේදී හිතන දේවල් දැන්ම තීරණය කරන්නෙත් නැහැලු. ඒ නිසා ඒ ගැන දිනක්ෂි කිසිවක් නොකියා මඟහරිනවා.

පවුලේ වැඩිමහල් දියණිය හැටියට දිනක්ෂි දැන් ඉන්නේ විවාහයට සුදුසුම වයසේ. හැබැයි ඉතින් දිනක්ෂි කියන විදියට නම් විවාහයට තව කල් තියෙනවා.

එක එක දේවල් සම්බන්ධ කරලා සමාජ ජාල මාධ්‍යයේ විවිධ කතා හදද්දී දිනක්ෂි හිත රිදවා ගත්ත කාලයක් තිබුණා. ඒත් දැන් ඇය මානසිකව ගොඩක් ශක්තිමත්. ඒ නිසා කවුරු මොනවා කිවත් ඇයට අදාලම නැහැලු.

Dinakshie Priyasad’s Love Life Exclusive from Starfiends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close