Daily News
Trending

සමාජ ජාල මාධ්‍යයෙන් හින්ට් ගහන සංගක්කාරගේ අලුත්ම හින්ට් එක.




මහත්මා ක්‍රීඩාවේ නියැලුන සැබෑම මහත්මයෙක් විදියට තමයි ලෝකයක්ම සංගක්කාරව හඳුන්වා දෙන්නේ. 2015 ලෝක කුසලාන තරගාවලියේදි පිට පිට ශතක හතරක් වාර්තා කරමින් ඔහු ක්‍රිකට් ඉතිහාස පොතටත් ගියා.

ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමෙන් අනතුරුවත් සංගක්කාර සම්බන්ධයෙන් තිබුණ උනන්දුව අඩු වුණේ නෑ. පකිස්ථාන නායකත්වයට ක්‍රිකට් ක්‍රීඩක ඉම්‍ රාන් ඛාන් තේරී පත්වෙද්දි ලංකාවේ දේශපාලනයට සංගක්කාරව යෝජනා කරපු අය හිටියා. සංගා දේශපාලනයට එන බවට පැතිරුණ කටකතා නිසා එහම කිසිම අදහසක් නැතිබව කියන්නත් සංගක්කාරට සිදුවුණා. ඒ කොහොම වුණත් නෑ බෑ කියලා ඒ දේවල්ම කරන එක ලංකාවේ දේශපාලනයට අරුමයක් නෙමෙයි.

සංගක්කාර ට්විටර් ඔස්සේ අලුත් හින්ට් එකක් දීලා තිබුණා. කොහොමත් ඔහු සමාජ ජාල මාධ්‍යය ඔස්සේ යම් යම් හින්ට් පළකරන්න ශූරයෙක්නේ.

” ශ්‍රී ලාංකික හැමදෙනාගේම ජීවිතය ඉදිරියට ගෙන යාමට ඇති අවස්ථාවන් පිළිබඳව මගේ අදහස ඔබ හැමෝටම පැවසීමට කාලයයි මේ ඇවිත් තියෙන්නේ. වගකීමක් නැතිව ජීවත්වුණ කාලය අතහැරලා වගකීම් සහිත පුද්ගලයකු වශයෙන් කටයුතු කිරීමේ කාලයයි මේ. ඒ ගැන කතාබහ කරන්න අගෝස්තු 30 මාත් එක්ක එකතුවෙන්න කියලා හැමෝටම ආරාධනා කරනවා”

සංගක්කාර හිටිහැටියේ මේ විදියට පණිවුඩයක් නිකුත් කරන්නේ ඇයි කියලා තවම හරියටම කියන්න බැහැ. ඒත් මේ වගේ ප්‍රකාශ නිසා සමාජයේ ඇතිවන කසු කුසු නම් වළක්වන්න බැහැ.

Tags
Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close