Daily News
Trending

සම්බුදු සිරිතට රංඟනයෙන් පෙළගැසුණු අපේ අය.




ගෞතම බුදුරජානන් වහන්සේ ගේ ගිහි ජීවිත කතාව විවිධ අයුරින් නිර්මාණයට ගැනුනා. චිත්‍රපට, නාට්‍ය, ග්‍රන්ථ, ගීත බොහෝ ප්‍රමාණයක් සිදුහත් සිරිත ගැන කියා තිබෙනව. නමුත් ඒ කිසිවක් සම්බුදු සිරිත කියන්නට ප්‍රමාණවත් වුණේ නැහැ. ඒ නිසා හෙටත් සම්බුදු සිරිත අලලා නිර්මාණ සෑදේවි.

මේ කියන්නෙත් එවැනිම කතාවක්. සිදුහත් සිරිත රූපමය කතාවකට පරිවර්තනය කරන්න අපේ රටේ අති දක්ෂ පිරිසකට හැකියාව ලැබී තියෙනව. ආගම දහම කිසිදු ආකාරයකින් විකෘති නොකර “ශ්‍රී සිද්ධාර්ථ ගෞතම” නමින් හිරු නාලිකාව ඔස්සේ මේ උතුම් වෑයම පුංචි තිරයෙන් රටක් අභිමුවට එනවා.

ඉතාම උසස් තාක්ෂණයෙන් නිෂ්පාදනය කර තිබෙන මෙම නාට්‍යයට රංඟනයෙන් සම්බන්ධ වන්නෙ අපේ රටේ සිටින දක්ෂ නළු නිළි පිරිසක්.

ගයාන්, තාරුකා, දුශේනි, විනූ, ඇතුළු විශාල පිරිසක් මෙම නාට්‍යයට රංඟනයෙන් සහභාගී වී සිටිනවා. දැවැන්ත දර්ශනතලයක රූගත කෙරුණ මෙහි රූපරාමු ඉතාම දර්ශනීයව නිමවී තිබෙනවා.

දුශේනි ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ටෙලිනාට්‍යයට එකතු වෙන්නෙ මහා ප්‍රජාපතී දේවිය ලෙසින්. එය ඇගේ රංඟන දිවියේ සුබ ලකුණක් වේවි.

ඉන්දියානු නිර්මාණ වැළඳගෙන හිටපු ප්‍රේක්ෂක ජනතාවට ශ්‍රී සිද්ධාර්ථ ගෞතම කියන්නෙ ඒ වෙනුවට ලැබුණ හොඳ නිෂ්පාදනයක්. බෞද්ධාලම්භන ප්‍රීතිය ජනිත කරවීමට සමත් මෙම කලා කෘතිය ජනතාව සතු කිරීමේ මහත් පරිශ්‍රමය හිරු ටීවී වෙත අනිවාර්‍යයෙන්ම පුදකළ යුතුයි.

Tags
Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close