Daily News
Trending

සමහරු මොකක් හරි අමන වැඩක් කරලා ගොසිප් මවාගෙන ඒවා ඇතුලේ වැජඹෙනවා.- රුක්ෂාණා දිසානායක –




රුක්ෂාණා ඉතාම කෙටි කාලයක් තුළ රංඟන ශිල්පයේ දිගු ගමනක් ආව කෙනෙක්. මේ දිනවල ඇගේ ටෙලිනාට්‍ය හතරක් පමණ විකාශය වෙනවා. රුක්ෂාණා කියන්නේ සැබෑ ජීවිතයෙදී තරමක් නපුරු කෙනෙක් කියලා එයාම කියනවා. දැන් ඇය නර්තනය පැත්තටත් සම්බන්ධ වෙලා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. රුක්ෂාණා දිසානායක ඇකඩමිය හරහා ඇය උසස්පෙළ ළමයින්ට නර්තනය උගන්වනවා. ඉස්සරහට රැකියාවක් කරන්නත් ඇගේ අදහසක් තියෙනවාලු.

වර්තමාන වෙබ් සයිට් සම්බන්ධයෙන් රුක්ෂානා කෙලින් කතාවක් කියනවා. කාගේ හරි ඕපාදූපයක් මාර්කට් කරලා හිට් වෙන්නලු ලංකාවේ වෙබ් සයිට් හැදිලා තියෙන්නේ. ඉතිං ක්ෂේත්‍රයේම ඉන්න සමහරු මොකක් හරි අමන වැඩක් කරලා ගොසිප් මවාගෙන ඒවා ඇතුලේ වැජඹෙන්න හදනවාලු. ඒ නිසා වෙබ් සයිට් හොඳ ඒ ජාතියේ අයට කියලත් රුක්ෂාණා කියනවා.

රුක්ෂාණාගේ ආදරය ඉල්ල ගෙන ආපු පෙම්වතුන් පෝලිම නම් දැන් නතර වෙලා කියලත් ඇය කියනවා. ඒකට හේතුව නම් ඇය මේ වෙද්දී පෙම්වතියක් වීමලු.

කට සැර වුණාට රුක්ෂාණා අයුක්තිය අසාධාරණයට විතරයි එහෙම හැසිරෙන්නේ. ඉතිං ඒ නිසා රුක්ෂාණාට හුඟක් අය ආදරෙයි කියලත් කියන්නම ඕනේ.

Tags
Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close