Daily News
Trending

සමනලී බැරිම තැන කට අරියි. අධ්‍යක්ෂකට දෝස් මුරයක්.




සාමාන්‍යයෙන් චිත්‍රපටයකට සම්බන්ධ වුණාම ඒ සම්බන්ධ විවේචන වලට ප්‍රසිද්දියේ එළඹෙන්නෙ නෑ. ඒක සදාචාර සම්පන්න නැහැ. සාමාන්‍යයෙන් කරන්නෙ චිත්‍රපටයට සම්බන්ධ වූ නළු නිළියන් එහි ප්‍රවර්දන කටයුතුවලට පවා සහයෝගය දෙන එක. ඒත් සමනලීට එහෙම ඉවසන්න පුළුවන්කම තුබුණ සීමාව පනිනවා. ඒ “දැවෙන විහඟුන්” චිත්‍රපටය සම්බන්ධයෙන් පැනනැඟුන ප්‍රශ්න නිසා. පවුලේ සැමට එකට නැරඹිය හැකි චිත්‍රපටයක් ලෙස තිරගත කෙරුණ මෙම චිත්‍රපටය දැන් අතිෂයින්ම වැඩිහිටියන්ට පමණයි කියලා තිරගත වනවා. ඒක චිත්‍රපටයේ සංස්කරණය නොකළ පිටපත. එතනදි නිෂ්පාදක මණ්ඩලය සමනලීගේ රූපය තමයි ඉස්මතු කරන්නෙ. නමුත් චිත්‍රපටයේ ප්‍රදාන භූමිකාව රඟදක්වන්නෙ අනෝමා ජිනාදරී මහත්මිය. මේ දේවල් ඉවසගෙන ඉන්න පුළුවන් සීමාව පැන්නාම සමනලී එයාගේ මුහුණු පොතෙන් තමන්ගේ විරෝධය පානවා. දීර්ඝ සටහනක් තබමින් ඇය කියන්නෙ අනෝමාගේ රංඟනය සැහැල්ලු කිරීම සහ මේ විදියට කරන බාල උත්සාහයන්ට එකඟ නැතිබව. දැවෙන විහඟුන් ජාත්යන්තර සම්මානයට පත්‍ර වුණා කියලා තමයි මේ රටේ කැම්පේන් එක ගෙනියන්නෙ. ඒත් මෙහෙදි පෙන්නුවෙ සංස්කරණය කරපු චිත්‍රපටයක්. ආයෙත් ඒක සංස්කරණය නොකළ පිටපත කියලා තිරගත කරනවා. ඒ ප්‍රදාන චරිතය ට හිමි වියයුතු ගරුත්වයවත් නොදී. මේ වගේ දෙයක් ලංකාවෙ සිනමා ඉතිහාසයේ වත් සිදුවෙලා නැතිව ඇති. කොහොම වුණත් මේ සිනමා නිර්මාණය වෙනුවෙන් අනෝමට නිරුවත් වන්න පවා සිදු වෙනවා. ඒ හැමදේටම නිසි ගරුත්වයක්වත් ලැබෙන්නෙ නැති වටපිටාවක තමාව උපයෝගී කරගෙන බාල අලෙවිකරණයට යන දැවෙන විහඟුන් කණ්ඩායමට සමනලී සිය අප්‍රසාදය පළ කරනවා.

Tags
Show More
Close