Daily News
Trending

සඳනිට ස්ටයිල් කරන්න බැරි හේතුව- සඳනි ප්‍රනාන්දු




සඳනිට හුඟාක් අය කැමතියි. ඇගේ සුන්දර රූපය වගේම ආකර්ශනීය සිරුරත් ඒකට හේතුවක්. සඳනිව ගොඩාක් අය අඳුනගත්තේ හාරකෝටිය කියන නාට්‍යයෙන්. ඊට පස්සේ ඇය වෙළෙඳ දැන්වීම් සහ මියුසික් වීඩියෝ කළාව ඔස්සේ සෑහෙන ජනප්‍රිය වුණා. සමාජ ජාල මාධ්‍ය තුළ සඳනිගේ ඡායාරූපවලට ඉතා ඉහළ ප්‍රතිචාර ලැබෙනවා.

ඉතින් හැමෝම හොර හොරාට ආදරය කරන සඳනිගේ ෆැෂන් කෙරුවාව ගැන විස්තර ටිකක් කියන්නයි මේ හදන්නේ. සඳනි ආස සරල චාම් විදියට අඳින්න පළඳින්නලු. හැබැයි ඉතින් කොයිතරම් චාමෙට ෆැෂන් කළත්, සඳනිගේ ශරීරයේ හැඩය නිසා විලාසිතාව ඉස්මතුවෙලා පෙනෙනවා.

සාමාන්‍යයෙන් ගොඩක් ගෑනු ළමයි කොන්ඩෙට එක එක විලාසිතා ස්ටයිල් අත්හදා බලනවානේ. ඒත් සඳනිට නම් එහෙම කරන්න බැහැලු. ඒකට හේතුව තමයි ඇයගේ කැරලි ගැසුන දිග කොන්ඩය. සඳනි ඇයගේ ශරීරාංග අතරින් වඩාත්ම කැමති වන්නෙත් කොන්ඩෙටලු. ඉතින් මේ කේශ කල්‍යාණිය නිදහසේ මුදාහැරලා යන්න තමයි සඳනි හුඟක්ම කැමති. ඒ වගේම කොන්ඩේ කලර් කරන්නත් ඇයගේ කැමැත්තක් නැහැ. එහෙම කරන්න ගිහින් කොන්ඩේ ඩැමේජ් වෙනවාට සඳනි බයයි.

ඔරලෝසු පළඳින්න නම් සඳනිගේ විශේෂ කැමැත්තක් නැහැ. හෑන්ඩ් බෑග් එකත් නිතරම අතේ තියාගෙන ඉන්න ඇය කැමති නැහැ. වෙඩින් එකකට වගේ යනවා නම් සාරියකින් සැරසිලා යන්න තමයි සඳනි ආස කරන්නේ. ඒ වගේම පාවහන් ලෙස සැන්ඩ්ල්ස් පළඳින්නත් ඇය කැමතියි.

සඳනි රූපය වෙනුවෙන් ලොකු ලොකු දේවල් කරන කෙනෙක් නෙමෙයි. උපතින්ම ඇයට ආකර්ශනීය රූපයක් දීලා තියෙනවා. ඒ රූපය රැක ගැනීම වෙනුවෙන් නම් ඇය ව්‍යායාම එහෙමත් කරනවාලු.

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close