Daily News
Trending

සනුක බෝට්ටුවෙන් ඉතාලි ගිහින්.Exclusive Photos & Video

Sanuka Wickramasinghe




Sanuka Wickramasinghe Exclusive from Starfriends.lk

බෝට්ටුවෙන් ඉතාලි යනවා කියන්නේ හොඳ වැඩක් නම් නෙමෙයි. කොටින්ම නීති විරෝධී වැඩක්. රට හීන දකින තරුණයින් මේ වගේ වැඩ කරන්න ගිහින් අනන්තවත් අමාරුවේ වැටෙනවා. ඒ අතරේ ඉතින් අහු නොවී ඉතාලියට පැනග‍ත්ත අයත් නැතුවම නෙමෙයි. හැබැයි ඉතින් ජීවිතේට එහෙම රිස්ක් අරගෙන තේරුමක් නැහැ.

දැන් මොකක්ද මේ සනුක (Sanuka Wickramasinghe) ‌‌බෝට්ටුවෙන් ඉතාලි ගියපු සීන් එක? ටිකට් එකක් අරගෙන එයාර්පෝට් එකෙන් යනව මිසක් මේ වගේ බෝට්ටුවෙන් යන්න වටිනවාද? කතාව හරියටම දැනගන්න නම් සනුකගේ ˝මාවතේ sanuka˝ මියුසික් වීඩියෝව නරඹන්න වෙනවා. මෙදා අලුත් අවුරුද්දට සනුකගෙන් රසික රසිකාවියන්ට පිරිනැමුණ තෑග්ග තමයි ˝මාවතේ සනුක˝. සාමාන්‍යයෙන් මෙතෙක් ඔහු ගායනා කළ ගීත ස්ටයිල් එකෙන් මිදිලා කරපු වෙනස්ම ආකාරයේ ගීතයක් ලෙස මේ ගීතය හඳුන්වන්න පුළුවන්.

ලංකාවේ තාරුණ්‍යය ඉතාලි හීනයෙන් අතරමං වෙන හැටි සනුක හරි ලස්සනට කියලා තියෙනවා. කාසි නිසා ඉතාලි බෝඩරේට වෙලා විඳවන තාරුණ්‍යය ගැන මේ තරම් ලස්සනට කියවුණ වෙනත් ගීතයක් නොතිබුණ තරම්. ඇත්තටම සනුක යූටියුබ් එකට එකතු කරලා තිබුණේ එකෝස්ටික් වර්ෂන් එක. ඒ සඳහා ඔහු වීඩියෝවටත් පෙනී සිටිනවා. වීඩියෝවත් බලාගෙන ඉන්න පුළුවන් තරමට ලස්සන එකක්. ගීතය අතරමැද්දේ ලස්සන රැප් කොටසකුත් තියෙනවා

“අනාත වූ වෙලේ
කුණාටු සාගරේ
කාසි නිසා අපි විඳෙව්වා
ඉතාලි බෝඩරේ”

මේ විදියට නිරපරාදේ විනාසවෙන තරුණ ජීවිත කීයක් නම් ඇද්ද? ආදරය කියන්නේ එහෙම තරුණ ජීවිතයකට මද පවනක්. අස්වැසිල්ලක්. සනුකගේ සින්දුව බැලුවම අපේ රටේ එක් ශෝකාන්තයක් නියමෙට විස්තර වෙනවා. වත්මන් තාරුණ්‍යය මුහුණදෙන අර්බුදය ගැන මෙහි හරිම ලස්සනට ව්‍යංගයෙන් ප්‍රකාශ කර තිබෙනවා. මාවතේ සනුක මියුසික් වීඩියෝවේ Cinematography කරන්නේ සඳුන් හේවගේ. කැමරාකරණයට සහය දෙන්නේ සදිත් වර්ණකුල. Audio record engineer විනෝද් මෙල්පිටිය.

සනුකට මේ වැඩේට චන්ද්‍රලේඛාගේ පුත් යොහාන් පෙරේරාත් උදව්වෙලා තියෙනවා. කොහොම වුණත් අලුත් අවුරුද්දේ සනුක කරපු අලුත්ම වැඩේ නම් පට්ටයි. ඔයාලටත් දැන් මේ සින්දුව රසවිඳින්න පුළුවන්. ඒ වගේම සින්දුව පිළිබඳ අවංකම අදහස සනුකට කියන්නත් අමතක කරන්න එපා.

Sanuka Wickramasinghe Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close