Daily News
Trending

සජාඩ් කුල්මත් වූ හැටි.




Sajjad Hassan ගේ කුල්මත්වෙලා ගීතය ඔයාලා අහලා තියෙනවාද? මේ වෙද්දි කුල්මත්වෙලා ගීතයේ ඕඩියෝ වීඩියෝව යූටියුබ් වෙත මුදාහැරලා තියෙනවා.

මේ ගීතය සුන්දර ආදර ගීතයක්. එහි සුන්දර පදවැල ලියවෙන්නේ ප්‍රසාද් සමරතුංගගේ අතින්. ගීතයේ සංගීත නිර්මාණය සජාඩ් හසන්ගේ නිර්මාණශීලී ඇසින්. මෙහි ගී පද සහිත වීඩියෝව නිර්මාණය කරලා තියෙන්නේ කවිත සල්ගාදු. එහි රූ සටහන් අඳින්නේ මධුරංග මාරසිංහ.

” සිතුවිලි මාගේ පිබිදී
ගිම්හානයේ
සක්මන් කළා මතකයි
මගේ හීනයේ
සංසාරයේ සිත යාවී
ඔබ මා හා උන්නා
හද මාගේ කුල්මත් වෙලා ”

එහෙම තමයි ගීතය ගලාගෙන යන්නේ. කුල්මත් වෙලා සඳහා මියුසික් වීඩියෝවක් නුදුරු දිනෙක නිර්මාණය වේවි. එතෙක් යූ ටියුබ් ඔස්සේ ගීතය රසවිඳින්න කියලා අපි ඔයාලට ආරාධනා කරනවා.

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close