Daily News
Trending

සචිනි උගන්වන අලුත් පාඩම.




සචිනි නිපුන්සලා කියන්නේ ගොඩ දෙනෙක් ආදරය කරන රූපවාහිනි නිවේදිකාවක් කීවොත් හරි. වයස් බේදයක් නැතිව ගොඩදෙනෙක් ඇයට ආදරය කරනවා. විශේෂයෙන් පුංචි ළමයි තමයි වැඩි.
ඉතින් වසර ගණනාවක් පුරාවට නිවේදිකාවක් විදියට අපි දැකපු සචිනි පසුව ටිකෙන් ටික නර්තන වීඩීයෝ වලිනුත් අපි දැක්කා. ඇය පුංචි කාලේ ඉදන්ම චන්න විජේවර්ධන ගාව නර්තනය හදාරලා තියෙනවලු. කොහොම වුනත් වරින් වර ගීත වලට අපූරු නර්තන සමඟ ඇය අන්තර්ජාලයට එකතු කරලා තිබුණ වීඩීයෝ නිසා සචිනි තව ප්‍රසිද්ධ වුනා.
පස්සේ ඇගෙ නිවේදනය වගේම නර්තනය බලන්නත් ප්‍රේක්ෂකයන් එකතු වුනා. ඉතින් මේ කියන්න යන්නේ සචිනි නර්තනය එක්ක එකතුවෙලා කරන්න යන වැඩක් ගැන. සචිනි නර්තනය සම්බන්ද වර්ක් ශොප් එකක් කරන්න සුදානමෙන් ඉන්නවලු. සැප්තැම්බර් 9 වෙනිදා තමයි ඇය මෙ වැඩේ පටන් ගන්නේ. මේ වර්ක් ශොප් එකේදි බොලිවුඩ් නර්තනය තමයිලු උගන්වන්නේ. ඉතින් ඔයාලත් කැමතිනම් පුලුවන් සචිනිගෙන් බොලිවුඩ් ඩාන්ස් ඉගෙන ගන්න යන්න.
Tags
Show More
Close