Daily News
Trending

ශෝර්ට් කට්ස් වලින් යන්න එපා…උදාරිට ඉහලින් අවවාද




උදාරි පෙරේරා හැම තිස්සේම උත්සාහ ගන්නෙ ශෝර්ට් කට්ස්වලින් යන්න. මේ නිසා උදාරිගේ Starfriends News Udari Pereraගුරුවරු උදාරිට අවවාද කරනවා. ගොඩක් වෙලාවට මෙහෙම වෙන්නෙ ඉස්කෝලෙ ගණං පාඩම වෙලාවටලු. ලොකු සමීකරණ විසඳන්න දුන්නම උදාරි කරන්නෙ ශෝර්ට් කට්ස් වලින් ගිහිං උත්තරේ හොයාගන්න එක. උදාරිගේ පිළිතුර නිවැරදි වුණත් පියවර ගාණක් මගඇරලා තමයි උදාරි පිළිතුරට යන්නෙ.

ඉස්කෝලෙ කාලේ උදාරිය ගණං ශාස්තරේ හොඳට පිහිටලා තියෙනවා. විශේෂයෙන්ම එකතුකිරීම් අඩුකිරීම් ඉතාම වේගයෙන් කරන්න පුළුවන්කමක් උදාරිට තිබිල තියෙනවා.

ඉතිං උදාරියි නංගියි ඉස්කෝලෙ යනකොට උදාරි කරන්නෙ එයාලගේ වාහනය පහුකරගෙන යන වාහනවල අංක තහඩු මතක තියාගන්න එකලු. ඒවා ආයේ ඇහුවම කියන්න පුළුවන් තරමට උදාරිගේ මතක ශක්තිය තියුණුයිලු. පස්සේ මේ සෙල්ලමට උදාරිගේ නංගිත් එකතුවෙනවා. ඒත් උදාරිට වගේ හැකියාවක් නම් තිබිලා නෑ.

කොහොම වුණත් උදාරි උසස්පෙළට තෝරගන්නෙ විද්‍යාව. විද්‍යා විෂයක් ශෝර්ට් කට්ස්වලින් ගොඩදාන්න බැහැනෙ. අවසානයේ උදාරි ගුවන් සේවිකාවක් වෙලා තමයි නතරවෙන්නෙ.

Tags
Show More
Close