Daily News
Trending

ශෂිනි කැමති ධනංජයව බෑග් එකේ දාගෙන යන්නලු..




ශෂිනි සිරිවර්ධන ගැන බොහෝ දෙනෙක් අඳුනගත්තේ ධනංජය සිරිවර්ධනගේ ආදරණීය බිරිඳ වීමත් සමඟ. ගුවන් සේවිකාවක් වුන ශෂිනි විවාහයත් සමඟ මේ රැකියාවෙන් ඉවත් වෙලා තමයි ඉන්නේ. රංඟනයට තවම එකතු වුනේ නැතත් ශෂිනි මේ වෙනකොට ඇගේම ගීතයකුත් කරලා තියෙනවා.

පසුගිය දවසක ශෂිනිගේ හෑන්ඩ් බෑග් එක ගැන අහපු ප්‍රශ්න වලදී ඇය අපූරූ පිළිතුරු ටිකක් දීලා තිබුණා. ඉතින් ඒ නිසා අපි හිතුවා ඒ ගැන කියන්න. ශෂිනි නිකන් ඇවිදින ෆාමසියක් වගේලූ. හදිසියකදී මොනාහරි වුනොත් ඕන වෙන හැම බෙහෙතක් වගේම මේ බෑග් එකේ තියෙනවලු. හෑන්ඩ් බෑග් හතලිහක වගේ එකතුවක් ඇයට මේ වෙනකොට තියෙනවා කියලා තමයි කියලා තිබුණේ.

ශෂිනිගේ බෑග් එකේ කවුරු හරි දාගෙන යන්න පුළුවන් නම් කවුද දාගෙන යන කෙනා කියලා ඇහුවම ශෂිනි කියලා තිබුණේ ධනංජයව දාගෙන යනවා කියලා. හිතා ගන්න පුළුවන් නේද ශෂිනි කොයිතරම් ධනංජයට ආදරය කරනවද කියලා ඇය යන යන තැනට ඔහුව බෑග් එකේ දාගෙන යන්න තරම්. එහෙම දාගෙන යන්න පුළුවන් වුනා නම් ධනංජයට ශෂිනිගෙන් බේරිලා නම් ඉන්න හම්බවෙන්නේ නැහැ ලේසියකින් කියලා තමයි ඉතින් අපට කියන්න තියෙන්නේ.

Tags
Show More

Spin now to get amazing prize

  • Try your luck!
  • You get 3 chances per day.
  • Just enter your phone, email and spin
Try Your Luck today!
Close